Suspect-arrested-for-firing-on-an-air-rifle-and-fleeing

 වායු රයිපලයකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා ගිය සැකකරු කටුනායක ප්‍රදේශයේදී පෙරේදා (23දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලීසිය කියයි.
 35 හැවිරිදි සැකකරු උඩුබද්දාව,දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මඩහපොල, පොතුවිල ප්‍රදේශයේ ගෙවත්තක වැඩ කරමින් සිටියදී මිතුරන් අතරේ ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකුට මෙම සැකකරු ගෙවත්තේ සතුන් පලවා හැරීමට භාවිතා කළ වායු රයිපලයකින් හිසට වෙඩි තැබීමෙන් අනතුරුව තුවාලකරු රෝහලට රැගෙන යන අතරවාරයේදී පසුගිය 11 වැනිදා රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්වී තිබේ.එලෙස වෙඩි තබා සැකකරු මරණකරුගේ යතුරුපැදිය හා වායු රයිපලයත් රැගෙන පලා ගොස් තිබුණි.

මෙම වෙඩි තැබීමෙන් පිළිමතලාව පොලිස් වසමේ පදිංචි 57 හැවිරිදි තැනැත්තෙකු මරණයට පත්ව තිබේ.

ඔහුද දිවයින් ලියාපදිංචි අපරාධකරුවකු හා සංවිධානාත්මක කල්ලි සාමාජිකයෙකුවන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.ඒ අනුව පලාගිය සැකකරු සම්බන්ධව ලද තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දින කිහිපයක් තිස්සේ කුලියාපිටිය, අම්පාර හා කටුනායක ප්‍රදේශවල නිරතව විමසිල්ලෙන් සිට පෙරදා (23)දා රාත්‍රියේදී කටුනායක ප්‍රදේශයේදී සැකකරු සැකකර, සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු බවත්, ඝාතනය සිදුකළ බවට සැකකරන වායු රයිපලය ඉරුදෙණියාය ප්‍රදේශයේ කැලුම් සීමාවකට විසිකර තිබියදී සොයා ගත් බවත් පොලීසිය පවසයි. සැකකරු මියගිය තැනැත්තාගේ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන ගෝලයා බවත්, ඔහුට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩු හයකට වැරදිකරු වී බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටින අයෙකු බවට පරීක්ෂණවලදී අනාවරණය විය.ඊට අමතරව කුලියාපිටිය හා අනුරාධපුර මහාධිකරණවල නඩු විභාග වෙමින් පවතින අතර වෙන්නප්පුව ප්‍රදේශයේ රන්මාල සොරා ගැනීමේ සිද්ධියකට වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකු බවද පොලිසිය පවසයි.