A song for the deceased wife of an aboriginal leader

දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ නැසී ගිය භාර්යාව වන හිංමැණිකා මාතාව සිහිකරමින් රචිත 'නියගෙක දැවෙන කුඹුරකි මම' මෙලෙසින් නිර්මාණය වූ  නව ගී නිර්මාණයක් පෙරේදා (23දා) උදෑසන දඹාන කොටබකිණිය ගම්මානයේදී ආදිවාසී නායක වන්නිල   ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජනගත කෙරිණි.

  රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  සංජය ප්‍රනාන්දු මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇති අතර, ගී පදවැල් මීරිගම, කල්එළිය, හාපිටිගම පදිංචි ඉන්ද්‍රානි කාන්ති මහත්මිය විසින් රචනා කර තිබූ අතර, රඹාවැව, පුත්තලම පදිංචි සුරංජන් මහේෂ් අබේසිංහ මහතා විසින් ගායනා කර තිබේ.

ගී තනුව හා සංගීත නිර්මාණය කල්පිටිය, මීරිගම පදිංචි නාලක අංජන කුමාර මහතා විසිනි. ගී පදවැල් ලියූ රචිකාවිය කාව්‍ය රචිකාවයක් වන අතර  ඇය ෆේස්බුක් සමාජ සමූහයන් රැසක් සඳහා කාව්‍ය නිර්මාණ පළ කරමින් ප්‍රසාදට පාත්‍රවූ රචිකාවියකි.  ආදිවාසී නායකගේ බිරියගේ වියෝව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග ඇයගේ සිතේ පහළ වූ කවි සංකල්පනා පසුව ගීතයක් බවට පරිවර්තනය කර ඇත.  එම ගීතය නිර්මාණකරුවන් විසින් ප්‍රථම සංයුක්ත තැටිය ආදිවාසී නායක වන්නිල ඇත්තන්ට පිළිගැන්වීමෙන් අනතුරුව, ගීත නිර්මාණය අන්තර්ජාලයට මුදාහැරීම සිදුකෙරිණි.

 -රංජිත් කරුණාවීර --