Southeastern-University-lecturer-suspended-for-sexually-abusing-a-female-student

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ සේවය කරන දේශපාලන විද්‍යා කථිකාචාර්යවරයකු  ඔහුගේ උපාධි අපේක්ෂකා සිසුවියකට ලිංගික අතවර කිරීම ගැන චෝදනා එල්ල වීම හේතුවෙන් වැඩ තහනම් කර තිබේ.

කථිකාචාර්යවරයා උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් කියා එම අරමුණින් තමා විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් පිටතට රැගෙන ගිය බවත් පසුව තමාට ලිංගික අතවර කළ බවත් සිසුවිය විශ්වවිද්‍යාල පරිපාලනයට ලිඛිතව දන්වා ඇත. විශ්වවිද්‍යාල උපකුලපති, මහාචාර්ය රමීස් අබූබුකර් මහතාට අනුව, මූලික විමර්ශනවලින් පසු කථිකාචාර්යවරයා වහාම සේවයෙන් අත්හිටුවා අර්ධ වැටුප් මත තබා ඇත.

විශ්වවිද්‍යාල පද්ධතියෙන් පරිබාහිර සාමාජිකයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් විමර්ශනය කර ගෙන යන බව ඔහු පැවසීය.

මීට පෙරද මෙවැනිම පැමිණිල්ලක් සම්බන්ධයෙන් මේ කියන කථිකාචාර්යවරයාට අවවාද කර තිබූ බව පැවසේ.
මෙම ලිංගික හිරිහැරයන්ට බලපෑ හැකි කරුණු පිළිබඳව පසුගිය කාලයේ සාකච්ඡා කිහිපයකදීම අදහස් මතුවිය. එහිදී හෙළිවූයේ
 “විශ්වවිද්‍යාලවල ලිංගික හිරිහැරවලට සහ විවිධ ආකාරයේ අනුග්‍රහකත්වයට හේතුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශාල අධ්‍යයන අධිකාරී බලයක් දැරීම බවයි.

එමගින් පතිවත ඇපයට ගන්නා බවයි. ඔවුන් විෂයමාලා නිර්මාණය කරයි, උගන්වයි, ප්‍රශ්න පත්‍ර සකස් කරයි, ප්‍රශ්න පත්‍ර සලකුණු කරයි, කුසලතා ලැබිය යුතු ශිෂ්‍යයා තීරණය කරයි, සහ තාවකාලික හෝ ස්ථිර කථිකාචාර්යවරයෙකු ලෙස පත් කළ යුත්තේ කුමන ශිෂ්‍යයාද යන්න තීරණය කර අවසානයේ නිරපේක්ෂ ශාස්ත්‍රීය බලය දූෂිත කරයි. “