Borella-bomb-and-money-given-by-a-doctor-in-Piliyandala-Police

බොරැල්ල  සියලු සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිලියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුවයි.



පිලියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ වෛද්‍යවරයා 76 හැවිරිදි අයෙකු වන අතර ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යන්නෙකි. එම මධ්‍යස්ථානයේ  ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර තිබූ අතර සැකකරුට මුදල් මෙන්ම බෝම්බය ලබාදී ඇත්තේ, මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවද පොලිසිය වාර්තා කර තිබේ.පොලිසිය මින් ඉහත සඳහන්කර තිබුනේ  මුස්ලිම් පුද්ගලයෙකු බෝම්බය හා මුදල් දුන් බවකි.

ඒ අනුව මෙම වෛද්‍යවරයා එකී මුස්ලිම් පුද්ගලයා බවට අනුමාන කෙරේ.
නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කීපයකට ඉහතදී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා විසින් බවට ද පොලිසිය සැකකරන අතර වෛද්‍යවරයාගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් දෙදෙනාම මේ වන විට වරාය පොලිසියේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රඳවා ඇත.