Signs-of-failure-for-England-players-due-to-a-video

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත් වූ අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය අතරතුරදී ක්‍රීඩකයන් බීමතින් හැසිරෙන ආන්දෝලනාත්මක වීඩියෝවක් පිළිබඳ එංගලන්ත ක්‍රිකට් ආයතනය පරීක්ෂණ අරඹා ඇත. මෙම ටෙස්ට් තරගය පැවැත් වූ හෝබාහි කණ්ඩායම් නවාතැන් ගෙන සිටි හෝටලයේ පැවැති මත්පැන් සාදයක් දැක්වෙන මෙම වීඩියෝව සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මෙහි එංගලන්ත නායක ජෝ රූටි හා ජේම්ස් ඇන්ඩර්සන් මෙන්ම ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නේතන් ලයන්,

ට්‍රැවිස් හීඩ් හා ඇලෙක්ස් කෙරි ක්‍රීඩකයන්ද මෙම මත්පැන් සැසියකට එක්ව සිටින අයුරු දක්නට ලැබේ. ඔවුන්ගේ අධික ශබ්දය හේතුවෙන් පොලීසිය පැමිණ අවවාද කරන ආකාරයද පැහැදිලිව දක්නට ලැබේ.මෙම ක්‍රීඩකයන් කිසිදු විනය විරෝධී ක්‍රියාවක් සිදු කළ බවට චෝදනාවක් එල්ල වී නොමැති වුවත්, ඔස්ට්‍රේලියාව හමුවේ පසුගියදා එංගලන්තය ලැබූ අන්ත පරාජයට කණ්ඩායමේ මත්පැන් පානය කිරීමේ සංස්කෘතියද හේතුවක් වී ඇති බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වී ඇත. ඒ අනුව මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කිරීමටද එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.මෙවර අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව හමුවේ තරග 4-0ක දැවැන්ත පරාජයක් අවිදීමට එංගලන්ත කණ්ඩායමට සිදුවිය.


( ඕෂිත වරකපිටිය)