One-country-says-there-are-unnecessary-words-Islamic-text-books-are-recalled-under-one-law

එක රටක් එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් පාසල්වල ඉස්ලාම් සිසුන් වෙනුවෙන් නිකුත්කළ පොත්වල අන්තර්ගතය පිළිබඳව කනස්සල්ල පළ කිරීම නිසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි 6, 7, 10 සහ 11 ශ්‍රේණි සඳහා ඉස්ලාම් පෙළ පොත් යළි කැඳවා තිබේ.





අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සිංහල සහ දෙමළ භාෂාවලින් පෙළ පොත් ලැබුණු ජාතික සහ අනෙකුත් පාසල්වල විදුහල්පතිවරුන්ට මෙම නියෝගය නිකුත් කර ඇත.

කොමසාරිස් ජනරාල් පී.එන්. ඉලප්පෙරුම මහතා එම පෙළපොත් නැවත කැඳවන ලෙසත් පෙළ පොත් සංශෝධනය කරන තුරු ඒවා සිසුන්ට බෙදා හැරීම නතර කරන ලෙසත් උපදෙස් දී තිබේ.

ඉලප්පෙරුම මහතා  පැවසුවේ, එම පොත්වල යම් යම් පිළිකුල් සහගත වචන අඩංගු වී ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකායෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙන් දන්වා ඇති බවයි. ඒ අනුව සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව තම කාර්යාලයට ලැබුණු උපදෙස් මත ආපසු කැදවීම කළ බවයි. පොත්වල අන්තර්ගතයේ අන්තවාදී මතවාදයේ අදහස් අඩංගු විය හැකි යයි උපලදේශනයේ දැක්වෙන බවද ඔහු කීය.

“ඒ පෙළ පොත්වල සුළු වෙනස්කම් හැර සැලකිය යුතු වෙනස්කම් කරන්න අවශ්‍ය නැහැ.

අපි ඉක්මනින් ඒවා නිවැරදි කර සංශෝධිත පොත්පත් බෙදා දෙනවා” කොමසාරිස්වරයා පැවසීය.
පෙළ පොත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට දෙපාර්තමේන්තුව මීට පෙර සමාලෝචන කමිටුවක් පත් කර තිබුණි. ඊට අයත්වූ අය වූයේ, සංවර්ධන කොමසාරිස් නිර්මලා පියසීලි, අධ්‍යාපන-වතු පාසල් සංවර්ධන අධ්‍යක්ෂ එස්.මුරලිදරන්, ආගමික අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ධර්මසිරි, අධ්‍යාපන-දෙමළ පාසල් සංවර්ධන අධ්‍යක්ෂ එන්.ආලාලසුන්දරම්, සහකාර ප්‍රකාශන කොමසාරිස් ජේ.චන්ද්‍රබාලන් යන අයගෙන් කමිටුව සමන්විත වේ. ඉඳුනිල් පියසාත්, සහකාර කොමසාරිස්-ප්‍රකාශන.



පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සිය නිර්දේශවල මේවා ගැන සඳහන් කර ඇති බව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය පෙන්වාදී ඇත.
 “ජාතික සහ පළාත් පාසල්වල මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද සියලුම ආගමික අධ්‍යාපනික පොත්පත් කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී සාහිත්‍යයක් සෘජුව හෝ වක්‍රව ඇතුළත් වේද යන්න සොයා බැලීම සඳහා විමර්ශනය කළ යුතුය.  “ ඔවුන් දන්වා ඇත.