නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාව සඳහා නඬයක් සමග ගිය බව කියන 39 හැවිරිදි කාන්තාවක අද (23) අළුයම 02.00 ට පමණ සීතගඟුල ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරවී තිබේ. එම අවස්ථාවේදචී ඇයව මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කළ නමුත්
අවාසනාවන්ත ලෙස මරු වැළඳගත්බව රෝහල් ආරංචි දන්වා සිටී.
නල්ලතන්නිය පොලීසිය කළ විමර්ශනය අනුව මෙසේ මිය ගොස් ඇතිතේ, මිනුවන්ගොඩ, හීනටියල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.සමාරා මාලනී නැමති
(39) හැවිරිදි විවාහක කාන්තාවකි.
කාන්තාව තමන් පැමිණි වන්දනා නඩයත් සමග නල්ලතන්නිය මාර්ගයෙන් අද අළුයම ශ්‍රීපාද වන්දාව සඳහා ගමන් කරමින් සිටියදී සීතඟගුල ප්‍රදේශයේදී මෙසේ රෝගාතුර විය.
මේ දිනවල ශ්‍රී පාදස්ථානයේ දැඩි සීත දේශගුණයක් පැවතීම ඇයට ඔරොත්තු නොදෙන්නට ඇතැයි සැක පළ කරන අතර මළ සිරුර සම්බන්ධව මරණ පරීක්ෂණය මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේදී අද පැවැත්වීමට නියමිතය.
පසුගිය සතියේදීද ශ්‍රී පාද වන්දනාවේ ගිය 75 හැවිරිදි නාවලපිටිය පුද්ගලයෙකු මියගොස් තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval