ප්ලාස්ටික් බෝතල් හා ප්ලාස්ටික් කප් වර්ග වෙළද පොළ තුළ විශාල හිගයක් ඇති වීම නිසා එම ද්‍රව්‍ය උපයෝගී කරගන කර්මාන්ත සිදුකරන පිරිස් සඳහා කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී තිබේ.
පානීය බෝතල් හා පලතුරු බීම වර්ග සකස් කරන පිරිස්වලට අවශ්‍ය ප්ලාස්ටික් බෝතල්වල විශාල හිගයක් ඇති වී තිබෙන බවත්, ලාස්ටික් බෝතල් නොමැති වීම නිසා එම කර්මාන්ත නවතා දැමීමට සිදුව තිබෙන බවත් එම කර්මාන්තයේ නියළෙන පිරිසදහන් කරති.
මීට අමතරව යෝගට් හා ඒ ආශ්‍රිතව විවිධ නිෂ්පාදන සිදුකරන පිරිස්වලට අවශ්‍ය ප්ලාස්ටික් කප් වර්ග නොමැති වීම නිසා එම කර්මාන්ත පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද කර්මාන්තකරුවන් පෙන්වා දෙති.
ප්ලාස්ටික් වර්ග නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය රට තුළට ගෙන්වීම නවතා දැමීමත් සමග මෙම තත්වය ඇති වී තිබෙන බවත්, දැනට වෙළද පොළ තුළ අලවි කිරීමට තිබෙන ප්ලාස්ටික් බෝතල් හා කප්වල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් එම පිරිස් සඳහන් කරති.
ඉදිරියේදී ප්ලාස්ටික් බෝතල් හා කප් වර්ග වෙළද පොළට පැමිණීම සම්පූර්ණයෙන්ම නැවතීයාමේ අවදානමක්ද ඇති වී තිබෙන බවත්, එසේ වුවහොත් ඒ ආශ්‍රිත සියලුම කර්මාන්ත නවතා දැමීමට සිදුවන බවත් ඔවුහු පෙන්වා දෙති.
Comments
Post a Comment
Your comment will be visible after approval