ලිට්‍රෝ සමාගමේ කටයුතු රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් නොකිරීමට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයකු රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් නීති උපදේශක සමාගමකට වැය කර ඇත.
මෙම කරුණු හෙළි වී ඇත්තේ රජයේ විගණනයකදී යැයි ඊයේ (25 දා) බත්තරමුල්ලේ වෝටස්එජ් හෝටලයේ පැවැති ශී‍්‍ර ලංකා විගණන සේවයේ 63 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදීය.කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.
ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයා ඒ කාලයේදී මාසයකට රුපියල් ලක්ෂ විස්සක වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි ද පසුව ඔහුව සේවයෙන් නෙරපා ඇතැයිද මේ අතර වාර්තා විය.
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිංහල හා දෙමළ පරිවර්තනයේ ඇති වචනයක් අල්ලාගෙන ලිට්‍රෝ සමාගම රජයේ විගණනයට ලක්කළ නොහැකි බව කියමින් ඊට නෛතික බලතල ලබාගැනීම සඳහා මෙලෙස රුපියල් 21,000,000 ක මුදලක් නීති උපදේශක සමාගමකට ලබාදී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval