71-year-old-man-arrested-for-plotting-to-assassinate-former-President-Trump

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සඳහා සැලසුම් කළ බව පැවසෙන 71 හැවිරිදි වියේ පසු වන නිව්යෝක් නුවර වාසියෙකු එරට බුද්ධ අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තෝමස් වෙල්කිනි ලෙස හැදින්වෙන මෙම පුද්ගලයා, 2020 නොවැම්බර් මාසයේදී පැවැති ජනාධිපතිවරයෙන් ට්‍රම්ප් පරාජයට පත්වීමෙන් අනතුරුව, සිය බලය සුමටව හුවමාරු කිරීමට අකමැති වුවහොත් ඔහුව පැහැර ගෙන ගොස් මරා දැමීම සඳහා සැලසුම් කළ බව අනාවරණය වී තිබේ. මෙහිදී ට්‍රම්ප්ට අමතරව කොංග්‍රස් මණ්ඩලය තුළ ට්‍රම්ප් හිතවාදීම හැසිරුණු තවත් සාමාජිකයන් 12 දෙනෙකු ඝාතනයටද තමන් සැලසුම් කළ බව  තෝමස් නිව්යෝක් නුවර බුද්ධි සේවාව වෙත අනාවරණය කර තිබේ.

මෙම ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලය වංචාවක් බවට පවසමින්, ට්‍රම්ප් ඇතුළුව ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන් එම දිනවල දැඩි විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියේය. මෙම ඝාතන සැලසුම් පිළිබදව තෝමස් අවස්ථා කිහිපයකදීම එරට රහස් බුද්ධි අංශ සේවාව වෙත දුරකථන ඇමතුම් මගින් දැනුම් දී ඇතැයිද අනාවරණය වී තිබේ. එහිදී ඔහු ට්‍රම්ප් සහ ඔහුට පක්ෂ පිරිස, "ට්‍රම්ප් සහ ඔහුගේ වදුරන්” ලෙස හඳුන්වාදී තිබේ. ඒ අනුව දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණොත් ඔවුන් සියලුදෙනා ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවත්, ඒ සඳහා අවස්ථාවන් රැසක් පවතින බවත් ඔහු එහිදී පවසා ඇත. එක්සත් ජනපද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම තෝමස් වෙනිකි 1990 දශකයේදී ෆ්ලොරිඩාහි ජීවත් වූ අයෙකි. එසේම ඔහු අවස්ථා  ගණනාවකදීම මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් අවස්ථාවකදී එල්ල වූ චෝදනා යටතේ වසර අටක සිරදඬුවමක්ද ලබා තිබේ.

එසේම 1982 දී7 හැවිරිදි දරුවෙකු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.