විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් අද (23) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රටේ පවතින වැසි රහිත කාලගුණය ද නොතකා ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මකවීම නිසා ඉදිරියේ රටේ විදුලි බලය දැඩි අර්බුදයකට යන බව කියා සිටියේය.
විදුලි කප්පාදුව හෙට සිට පැයක් සිදු කිරීමට නියමිත නමුත් එය ද පැය දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව ඔහු කීය.
එසේ කලත් සදුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා හා සිකුරාදා යන දින 5 ට පමණක් මෙම කප්පාදුව සිදුවනු ඇති බවත් අනතුරුව
සිකුරාදා සිට පැය 4ක කාලයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවත් ඔහු කීය.
මෙම ජල හිඟය මත විදුලි ඒකක පියවන්නට ඉන්ධන හෝ ගල්අඟුරු බලාගාර වලට හැකියාවක් නැතැයිද කියා සිටි ඔහු මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන ජලය මුදා හැරීමේ කටයුතු ද අනතුරක පවතින බව වැඩිදුරටත් කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval