මේ දිනවල ලංකාවට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කර ඇත. ඊට හේතුව ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවී අර්බුදයකට ගොස් ඇති ලංකා ආර්ථිකයෙන් ඩොලර් පිටට යාමයි. මේ නිසා වාහන අලෙවි කරන ව්‍යාපාරිකයින්ද දැන් වෙන වෙන ර්සා සොයාගෙන තිබේ.
එවන් පසුබිමක තහනම මැද රු. කෝටි හයක වාහනයක් හම්බන්තොට වරායට ගොඩබෑ බව ඊයේ වාර්තා විය.
ජපානයේ නිෂ්පාදිත ටොයෝටා ලැන්ඩ් කෘෂර් 300 වර්ගයේ අති නවීන මෝටර් රථයක් වන එය තීරු බදු රහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණද මෙරට වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි 6 ක් පමණද වන අතර
නීති රීති මැද මෙලෙස ලංකාවට ආනයනය කර හම්බන්තොට වරායෙන් ගොඩබා ගත්තේ බලවන්තයෙකු විසින්ද යන්න සොයා බැලීමේදී අදාළ මෝටර් රථය ඇමරිකානු තානාපති කාර්යාලය තීරු බදු රහිතව ආනයනය කළ බවට තොරතුරු වාර්තා වේ.
ශ්‍රී ලංකා රජය වාහන ආනයනය අත්හිටවූ නමුත් රාජ්‍ය තාන්ත්‍රික සේවය වෙනුවෙන් ගෙන්වන වාහන වලට මෙම නීතිය බලනොපාන බවට වරාය නිලධාරියෙකු සදහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval