විදේශගතව සිට මෙරටට පැමිණෙන වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා කොවිඩ් -19 PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නමුත් වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් ආසාදිත නොවන බවට තහවුරු වූ PCR වාර්තාවක් ගුවන් තොටුපොළේදී ඉදිරිපත් කළ යුතු බව දන්වා තිබේ.
එලෙස පැමිණෙන පුද්ගලයින් ගතවූ මාස 3 තුළදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් ඔවුන් ආසාදිත නොවන බවට තහවුරු කිරීම සඳහා පැය 48ක් ඇතුළත සිදුකළ රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වනු ඇත.
කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයෙක් බවට තහවුරු කිරීමට අවශ්‍ය ලිපිලේඛන ද ඔවුන් සතුවිය යුතුයි. විදේශගතවීමට පෙර ගුවන් තොටුපොළේදී සිදුකරන කොවිඩ් 19 PCR පරීක්ෂණය අවශ්‍ය නොවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval