COVID-19 මර්දනය සඳහා තුර්කිය තුළදී නිපදවුණු Turkovac එන්නත හදිසි භාවිතය සදහා අනුමැතිය ලබා දීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා පියවර ගෙන තිබේ. මේ නිපදවීමත් සමගින්ම තුර්කිය ලොව COVID-19 එත්තත් නිපදවන නවවැනි රට බවටත් පත්ව ඇත.
රට පුරාම ක්‍රියාත්මක වන ලෙස හදිසි අවස්ථාවකදි භාවිතයට ගැනීම සදහා මෙම එන්නතට අනුමතිය පිරිනැමුනා, අද වන විට තුර්කිය ලොව පුරා COVID-19 එන්නත් නිපදවන රටවල් 09 අතරින් එක් රටක් බවට පත්වුණා.යනුවෙන් තුර්කි සෞඛ්‍ය අමාත්‍ය ෆාහ්රෙටින් කොකා සඳහන් කර සිටියි. මෙම Turkovac එන්නත ලබන සතියේදී පමණ රට පුරාම බෙදාහැරීම සැලසුම වී තිබේ. මේ අතර සිය රට තුළ නිපදවන COVID-19 මර්දන එන්නත ගෝලීයවද බෙදාහැරීමට කටයුතු කරන බව තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් එර්ඩොගාන්ද මීට පෙර පවසා තිබුණි. ඒ හරහා සියලුම මනුෂ්‍ය වර්ගයා වෙත ප්‍රතිලාභ ලබා දීම අරමුණ බව ඔහුගේ අදහස විය.මේ අතර පසුගිය සතියේදී තුර්කිය ලොව දුප්පත් රටවල් වෙත සිය එන්නත් මාත්‍රා මිලියන 15ක් ලබාදීමටද පොරොන්දු ලබා දී තිබුණි. එහිදී අඩු එන්නත්කරණ අනුපාතයක් තිබෙන රටවල මානුෂීය අවශයතාවක් ලෙස සලකා එම එන්නත් ලබාදීම සිදු කරන බව තුර්කිය පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval