සිංහරාජ රක්ෂිතයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගොස් අතුරුදන් වී සිටි කාන්තාවන් දෙදෙනා ඊයේ (14දා) දහවල් හමු වූ බව පොලීසිය පවසයි. දෙනියාය ප්‍රදේශයෙන් ඇතුළු වූ පිරිසකට සහ දෙනියාය විහාරහේන වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් පිරිසකට
එම කාන්තාවන් දෙදෙනා හමු වී තිබිණි. කොළොන්න, ඉත්තකන්ද ප්‍රදේශයේ පදිංචි 39, 40 හැවිරිදි පසුවන මෙම කාන්තාවන් දෙදෙනා ඉකුත් (12)දා එනසාල් කැඩීමට සිංහරාජ රක්ෂිතයට ඇතුළු වි තිබෙන බව පොලීසිය පැවැසීය.එම කාන්තාවන් දෙදෙනා නැවත නොපැමිණි බව පවසා ඔවුන්ගේ ඥාතීන් විසින් සූරියකන්ද පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. මිහිදුම් තත්වය හේතුවෙන් ඔවුන් රක්ෂිතය අතරමංව ඇති බව පොලීසිය පැවැසීය.
(රාස්සගල සම්පත්)
Comments
Post a Comment
Your comment will be visible after approval