හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් යතුරු පැදියේ ගමන් කළ මවක හා පුතෙකු එම ස්ථානයේම මිය ගියහ.
මෙලෙස මියගොස් ඇත්තේ නිපුන් චනුර හා චන්ද්‍රිකා ප්‍රියන්ති නමැති පුත්‍රයෙක් හා මවකි .
අද (15) අළුයම කාලයේ මෙම අනතුර සිදුව තිබුණි.
මියගිය ස්ථානයේ සහ අනතුරට ලක්වූ යතුරු පැදියේ ඡායාරූප පහතින් දැක්වෙයි.



