ප්‍රකට ටෙලි නාට්‍ය නිළි සේමිණි ඉද්දමල්ගොඩ අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි බව වාර්තා විය. මීට හේතුවූයේ බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකටය.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් පවරා තිබූ නඩුව මින් ඉහත කැඳවා තිබූ අවස්ථාවේ ඇය උසාවියේ පෙනී නොසිටි බැවින් සැකකාර සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියට ඉකුත් නඩු දිනයේදී වරෙන්තු නිකුත් වී තිබීණී. ඒ අනුව අද (16) අධිකරණය හමුවේ පෙනී සිටි ඉද්දමල්ගොඩ මහත්මියගේ වරෙන්තු ආපසු කැදවීමට අධිකරණය තීරණය කළ අතර බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙනයාම වරදක් බව ඇය පිලිගන්නා ලදි.
අධිකරණ භාෂා පරිවර්තක චින්තක උහනෝවිට මහතා විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසු එම චෝදනාවට තමන් වැරදිකරු බවට ඇය අධිකරණය හමුවේ පිළිගත්තාය.
වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවන ලෙස දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval