sampath-tennakoon-passed-away

ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය නළු සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වූයේය.
1959 ජුනි 20 වැනිදා උපත ලද ඔහු මියයනවිට 62 වැනි වියෙහි පසුවිය. පසුගිය දිනවල පෙනහළු පිළිකා රෝග තත්වයක් නිසා අසනීප තත්වයෙන් පසුවිය.
 කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙකුවූ ඔහු වේදිකා නාට්‍ය 50කට වැඩි ප්‍රමාණයක් රඟපා ඇති අතර
ඔහුගේ මංගල සිනමා අත්දැකීම 1990 විජය ධර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කරන ලද හිම ගිර චිත්‍රපටයේ සුළු චරිතයක් විය. එතැන් පටන් ඔහු චිත්‍රපට 12ක පමණ රංගනයෙන් දායක වී ඇත.


ඔහු විවාහ වී සිටියේ ප්‍රකට වේදිකා හා ටෙලි නිළි  රත්නා ලාලනී ජයකොඩි සමඟයි.
ඔවුන් මුලින්ම මුණගැසුණේ පුත්‍ර සමාගම වේදිකා නාට්‍යයේදීය. ගීතා කාන්ති ජයකොඩි (බිරියගේ නැගණිය) , පබෝදා සංදීපනී,  බිමල් ජයකොඩි (බිරියගේ සොයුරාගේ පුතා) හා සුජානි මේනකා ඔහුගේ ළඟම ඥාතීන්ය.
 ස්නේහා,වෙරෝනා සහ මහා විරු පඬු , දිවි තුරා වැනි ටෙලි නාට්‍යවල රඟපෑ සම්පත් ගුරු තරුව, මායාදේවි, පුත්‍ර සමාගම, තලමල පිපිලා වැනි වේදිකා නාට්‍ය නිසාද හිම ගිර, අහස් මාලිගා, ගිනි අවි සහ ගිනි කෙලි, සරෝජා ,සිරි රජ සිරි, බෝම්බ සහ රෝස, සිරි පැරකුම් හා ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්  වැනි චිත්‍රපට නිසාද ප්‍රකටය.

අභාවප්‍රාප්ත වූ සම්පත් තෙන්නකෝන්ගේ දේහය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් මත පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කර නිමකරන බව දන්වා තිබේ.