"අයියෙ..මේ....මට ෂොට් එකක් අරන් දෙන්න කෝ.." කුරුණෑගල නගරයේ පිහිටි අවන්හලක මදුවිත තොල ගාමින් සිටි රොබට් අසලට පැමිණි රංග එලෙස පෙරැත්ත කරමින් මත්වතුර ඉල්ලනට වුයේ තමන්ගේ අතේ සතේ නැති බවද කියමිනී.   හෙරලියාව, බෝගහහේන අංක 817 ලිපිනයේ පදිංචි රෙමේෂ් රාගන වයස අවුරුදු තිස් දෙකක්වු අවිවාහකයෙකි,  රැකියාවකටද හිමිකම් නොකියු මොහු මත්වතුරට තදින්ම ඇබ්බැහිව  සිටියේ කාට කාටත් කරදරයක් වෙමිනි.  සාමාන්‍යෙයන් , බෝහෝ දෙනකු මත්වතුර පානය කරන්නේ දවසේ වැඩ නිමකර සවස්වරුවේය. මොහුට එලස මත් වතුර පානයට වේලාවක් නැත. ඇත්තේ මුදල් ඇතත් නැතත් කොයි වෙලේ බැලුවත් එක්කෝ බාර් එකේය, නැත්නම් කසිප්පු තිපොලකය.

පසුගිය 14 වැනිදා සවස තුන හතරත් අතර කාලයේදී රංගන බාර් එකට යන්නේ අතේ සතේ නැතත් කගෙන් හෝ හිගාගෙන ෂොට් එකක් ගැසීමට සිතාගෙනය.  එසේ බාර් එකට යන රංගනට මිතරකු මෙන්ම හතුරකුද වන රොබට් හමුවිය. ඔහු සිටියේ බෝතලයක් හිස් කරමිනි. ඒ අසලට යන රංගනගේ කටට කෙළ උනන්නට ඇත.

ඒ ඔහු කෑමට වඩා මත්වතුරට ඒ තරමට ප්‍රියකරන නිසාය. රොබට්ද මත් වතුරින්ම ජීවිතය ගෙවන අවිවාහකයෙකි,වයස අවුරුදු 55 ක්වූ ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ ක්‍රිඩකයකි. ස්ථිර රැකියාවකට උරුමකම් නොකියන ඔහු වාහන අංගවල සුලුසුලු කටයුතුවල නිරත විය. එනම් වාහන සේදීම ඒවා බලාකියා ගැනීම ආදී කටයුතුවල යෙදුණ ඔහු ඉන් ලැබෙන මුදල් වියදම් වුයේ මේ අවන්හලටය. එනම් මත් වතුර වෙනුවෙනි.   රොබටුත් රංගනත් නිතරම ගුටි ඇන ගත්හ,ඒ මත්වතුර වෙනුවෙනි, මේ දෙන්නාගේ විරසිකය නිවැසියන් පවා දැන සිටියහ. දෙදෙනා නිතර නිතර ගුටිඇන ගත්තත් රංගන කිසි දීනෙක ඉන් පාඩමක් ඉගෙන ගත් බවක්  පෙනෙන්නට තිබුණේ නැත. ඔහු දිගින් දිගටම කළේ රොබට්ගෙන් බොන්න ඉල්ලීමයි.

මෙදින බොන්න ඉල්ලූ අවස්ථාවේ රොබට්ට හොඳහැටි කේන්ති ගියේය. ඔහු සිය ශක්තිමත් දෑත් මෙන්ම දෙපාද උපයෝගී කරගෙන රංගනට මදි  නොකියන්නට පහර දෙන්නට විය. පිටට පපුවට මෙන්ම උදරයටද පහර එල්ල වුවත් රංගන බේරා ගන්නට බාර් එකේ කිසිවකුත් ඉදිරිපත් වූයේ තැත. මේ රගර් ක්‍රීඩකයාගෙන් ඵල්ල වූ අධිබලැති පහර හෙතුවෙන් යම් තරමකට අඩපන වු රංගන එතැනිත් පිටවූයේ පහර කෑමෙන් ඇති වූ වේදනාවෙන් සෝකයෙන් නොව  නොව බෙන්නට නොලැබීමේ සෝකයෙනි.

බාර් එකෙන් පිටවි නිවස වෙත යන්නට සිතු රංගනට සිසිර නම් වූ මිතුරා හමුවිය.  මචං..බාර් එකෙන් ෂොට් එකක් දාගන්න බැරිවුණා.  ගැරඩිගල පොට් එකටවත් යමුද කසිප්පු ෂොට් එකක් වත් දාගන්න.  එලස පවසන රංගනට මිතුරානේ ලැබෙන්නේ සාර්ථක ප්‍රතිචාරයකි. අනතුරුව දෙදෙනා එක්ව එම කසිප්පු තිපොළ බලා පිටත්වූහ.දන්නා හඳුණන දෙදෙනකු යතුරු පැදියකින් ඉදිරියට පැමිණෙන්නේ ඒ අතරය. ඒ වනවිට වේලාව රාත්‍රී නවය පමණ වි තිබිණී.  යතුරුපැදිය පැදගෙන  එන්නේ තාරුය,තාරු දුටු රංගනගේ සිතට සතුටක් ඇතිවිය. ඔහු තාරාට සැලියුට් එකක් ගසන්නේ එ නිසාය.ඒ බව දුටු තාරාට තරහ ගියේය. ඒ රංගන එන පොට හොඳ නැති බව තේරුණ නිසාය. එනම් සැලියුට් ගසාගෙන එන්නේ සල්ලි ඉල්ලගෙන බව තාරා දැන සිටියේය.  රංගන අසල යතුරුපැදිය නතර කැරිණි. ඒඅසලට ගිය රංගන තාරාට යමක් කීය.

ඒ සමගම යතුරු පැදීයෙන් බැසගත් තාරා, රංගනට පහර පිටපහර  දෙන්නට වූයේ සිසිරත් යතුරුපැදිය පිටුපස සිටි අයත් බේරන්නටදැඩි උත්සාහයක් දරන අතරය.

කෙසේ හෝ රංගන බේරා ගත් සිසිර ඔහු ඒ අසල පිහිටිය රංගනගේ ඥාති සහෝදරියකගේ නිවසකට කැඳවාගෙන ගියේය. දෙවතාවක් පහර කා සිටි රංගන යම් තරමක අපහසුතාවකින් සිටියත් කට දෙඩවීමේ නම් අඩුවක් පෙනෙන්නට තිබුණේ නැත.  ටික වේලාවක් ගෙවී ගියේය. යතුරුපැදි හඩ ඇසී බලනවිට දුටුවේ තාරා මෙම නිවසට අසලට පැමිණ  ඇති බවයි.නිවසට පැමිණි ඔහු යළි රංගනට පහර දෙන්නට වූයේ නිවැසි කාන්තාව වූ එලිසබෙත් සිල්වාගෙන් රංගනගේ මිතුරා වු සිසිරගේත් විරුද්ධතාව මධ්‍යයේය.  ඒ දදෙදෙනා රංගන බේරාගැනීමට දැඩිඋත්සාහයක් දැරුවත් තාරා යන්නට ගියේ හිතේ තිබුණ තරහ යනතෙක් පහරදීමෙන් අනතුරුවය. දෙතුන් වතාවක් පහර කෑ රංගන අවසානයේ සිය නිවෙස බලා ගියේය.  ඒ වනවිට වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්නව  තිබිණි. රංගන නින්දට ගියේ උදරයේ වේදනාව ඇති  බව කියමිනි.ඒකුමක් නිසාද යන්න ඔහු කියන්නට නැත. ඒ දවස පුරා බොන්නට සොයමින් ගොස් එක එකාගෙන් ගුටිකෑ බව මව්පියන්ට කීම සුදුසු නොවන නිසාය. එහෙත් පසුදින උදේ ඔහු නින්දෙන් පිබිදුනේ නැත.  ඔහු මියගොසිනි,හේතුව කුමක්දැයි නිවැසියන් දැන  සිටියේ නැත.

මේ හදිසි මරණය ගැන කුරුණෑගල පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව විවිධ පැමිණීලි අංශයේ සැරයන් (31800)ප්‍රේමසීරී විමර්ශන සඳහා යවන්නේ ඒනිසාය.ඔහු කළ රංගනගේ සිරුර පරීක්‍ෂා කිරීමේදී දකින්නේ ඔහු දකුණු ඉළ ඇළ ප්‍රදේශය දම් පැහැ ගැන්වී ඇති බවයි. අධිකරණයට කරුණු වාර්තා කරන්නේ ඉන් අනතුරුවය. ඒ රංගනගේ මරණය නිකම්ම සිදුවූවක් නොවන බවට ඇති වූ සැකය නිසාය.   අධිකරණ නියෝග අනුව කරුණු ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වන්නේ මොට ආයුධයකින් උදරයට සිදුවූ බරපතල තුවාල මත ලේ යැම හා කම්පනය හේතූවෙත් මොහු මරණයට පත්ව ඇති බවයි. ඝාතකයන් සොයා මෙහෙයුම්දීයත් කරන්නේ ඉන් අනතුරුවය.

රංගන මිය ගිය බව දැනගත් රොබට් මෙන්ම තරු යන අයත් නිතිඥයන් සමඟ පොලිසියට පැමිණ බාර වූ අතර සිදුවූ සියල්ල හෙළිවූයේ ඉන් අනතුරුවය.  'මම බාර් එකේ  ඉන්දෙද්දි රංගන මම හිටපු  මේයසට ඇවිත් කිව්වා එයාටත් බොන්න අරන් දෙන්න කියලා,මම කිව්වා  රංගන මම උඹට කියලා තියෙනවා ම ළගට එන්න එපා කියලා කිව්වා. මම එහෙම කිව්වේ එදා එයට බොන්න අරන් දෙන්න එක්ක මගේ ළග සල්ලි නොතිබුණු නිසා.සල්ලි තිබුණා නම් මම කීයක් හරි දීලා පිටත් කරනවා'  ‘එහෙම කිව්වට පස්සෙන් යන්නේ නැතිව මේසේ ළඟ වාඩි වෙලා හිටියා. මම එලවගත්තා 'එයා ගිහින් විනාඩි දහයකින් විතර ආපහු ආවා. ඇවිල්ල මට බැන්නා. උඹ දැන් ලොකු සයිස් දාන්නේ. අපිට ෂොට් එකක් අරන් දෙන්න බෑනේ.  ගන්න හරි, බලා ගමු කියලා රෙස්ටුරන්ට් එකෙන් එලියට යන්න  ගියා'


මම බියර් බීලා හිටපු නිසා මුත්‍රා බර හැදිලා පහලට බැස්සා වැසිකිලියට යන්න. රංගන එතැන ඉඳලා උඹේ..

කියලා කුණු හරුපෙත් බැනගෙන ඌ හිතගෙන  ඉන්නේ ලොකු මිනිහෙක්  කියලා කියාගෙන බාර් එක පැත්තට ගියා.මමත්  සිගරට් එකක් ගන්න බාර් ඵක පැත්තට යද්දි රංග පහළ බාර් එක ළඟ තිබුණු කැඩුණ බෝතලයක් අරගෙන මට පහරදෙන්න හැදුවා ඒ එක්කම  මම රංගනගේ කමිසයෙන් අල්ලලා උස්සලා ගත්තා. මම අතින් හා දනහිසින්  පහරදුන්නා.මම රංගට කිව්වා  මම උඹට ගැහුවේ උඹ මට බෝතලෙන් ගහන්න හදපු නිසා කියලා  පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ එලෙස පැවසුවේ රොබට්ය.

රංගන ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්නේ ඔහුය. තමන් අතින් දනහිසින් රාංගනට පහරදුන් බව ඔහු පිලිගනි. එලෙසම ඔහු රංගනගේ උදරයට පයින් පහර දෙන අයුරු දැක්වෙන සී.සී.ටිවි දර්ශන ද ඇත.  පොලිසියට බාරවූ අනෙන් පුද්ගලයා වන තාරු යන අයද රංගනට පහරදුන් බව පිලිගෙන තිබිණි.  මම බයික්එකේ යද්දී මට සැලියුට් එකක් ගහලා මව නවත්තලා සල්ලි ඉල්ලුවා. සල්ලි නැකිව්වාම පිළි  ගන්නේ නෑ . ඒ නිසා තමයි එයාට ගැහුවේ.ඊටපස්සේ මට ආරංචි වුණා කිව්වා කියලා මට ගහනවා කියලා. ඒකයි මේ ආපහු ඇවිත් මිනිහට ගැහුවේ'   මේ අයුරින් වරද පිළිගත් දෙදෙනා කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමනේ අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.  

රංගන මේ පවුලේ එකම පිරිමි දරුවාය. එක් නංගියකු පමණක් සිටින අතර පියා ප්‍රදේශයේ කා අතරත් පිලිගැනීමක් ඇති අයෙකි. වෘත්තියෙන් වොලි බෝ පුහුණුකරුවෙකි.  රංගන බීමට ඇබ්බැහිවී සිටියත් ඔහුට පවුලේ එකම පුතාය. ඒ නිසා ඔහුගේ හදිසි වියෝව දෙමාපියන්ට වවාගන්නට නොහැකිය. මල්ශාලාවක තැන්පත් කැරුණ දේහය සෙහොන් බිම කරා රැගෙන ගියේ ඥති හිත මිත්‍රාදී හැඬුම් මධ්‍යයේය.ඒසියල්ලන්ම මෙලෙස දුක් වන්නට  ඇත්තේ උනහපුලුවාට උගේ පැටියා මැණිකක්  යන කියමන අර්ථය කාට කාටත් ගැලපෙන නිසා විය යුතුය,  එනම් රටට තියා පවුලටවත් වැඩක් නැති බේබද්දකු වුවත් තම දරුවා තමන්ට වටිනා  විය යුතුය.


තක්ෂිලා ජයසේකර