අද (3) දින දහවල් 11 ට පමණ දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීම් සිදුව ඇති බවට වාර්තා පළවේ.
කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක විදුලි බලය ඇණ හිට ඇති අතර මේ සම්බන්ධයෙන් තවම මන්ඩලය නිල නිවේදනයක් නිකුත් කර නැත.
විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ඇමතීමේදී විදුලිය බෙදාහැරීමේ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය සිදුව ඇතැයි අනුමාන කරන බවත් දෝෂය කුමක්ද යන්න සොයාගෙන යන බවත් දන්වා ඇත.
මීට දින කිහිපයකට පෙර රාත්‍රී කාලයේ මේ ආකාරයේ විදුලි බිඳවැටීමක්ද වාර්තාවී තිබුණි.
වර්ජන ක්‍රියාමාර්ගයක් ලෙස විදුලි බල සේවක ඉංජිනේරුවන් අකුරට වැඩ කිරීම ඊයේ (2) සවස සිට අරඹා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval