power-cut-shedule

පසුගිය දිනවල ඇතිවූ නොරොච්චෝලේ තාප බලාගාර ගැටලුව තවමත් විසඳාගන්නට අපහසු වී ඇති අතර මේ හේතුවෙන් නැවතත් විදුලි කප්පාදුවකට යාමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය දන්වා සිටී.




ඒ අනුව අද (11) සිට දිනපතා මිනිත්තු 30ක (පැය බාගයක) විදුලි කප්පාදුවක් දිවයිනේ තෝරාගත් කොටස්වල  සවස 6-9.30 අතර කාලය තුළ සිදු කරන බව දන්වා ඇත.
නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අළුත්වැඩියාව නිමවූ පසු මෙය නතර කළ හැකි බවද දන්වා ඇත.