ඉකුත් 29 රාත්‍රීයේ දිවයිනේ ප්‍රදේශ රැසකට සිදුවූ හදීසි විදුලිය බිද වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැකකරන නිසා ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා ආරක්ෂක අමාත්‍යාංශයට සහ පොලීසියට පැමිණීලි කර තිබේ.
29 රාත්‍රීයේ පැය එකහමාරකට වැඩි කාලයක් දිවයිනේ ප්‍රදේශ රැසකටමෙම විදුලිය බිද වැටීම සිදුවිය.
මේ ආකාරයෙන් පැය ගණනක් විදුලිය බිඳ වැටීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත්
කිසියම් පුද්ගලයකුගේ හෝ කණ්ඩායමකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක බවත් පැමිණිල්ලේ දැක්වේ.
කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් 29 වැනි දා රාත්‍රී 8 ට පමණ දිවයිනේ හතරෙන් එකක ප්‍රමාණයක ප්‍රදේශයකට විදුලිය බිදවැටීම සිදුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval