ගෑස් පිපිරීම් සම්බන්ධ විශාල කතාබහක් ඇතිව තිබෙන අතරේ පළමු වරට ලිට්‍රො ගෑස් සමාගම අද (01) පළවූ සියලුම ජාතික පුවත්පත්වල සම්පූර්ණ පිටුවේ වෙළෙඳ දැන්වීම් පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි සඳහන් වන්නේ ජාත්‍යන්තරව පිලිගත් ප්‍රොපේන් හා බියුටේන් සංයුතියෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන එල්පී ගෑස් ජියෝකෙම් ලංකා සමාගමෙන් දෙවරක් පරීක්ෂා කර වෙළෙඳපොළට දමන බවය.
ඒ අනුව අදාළ වාර්තාද දැන්වීමේ පළ කර ඇත.
මුළුමණින් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් ඒවා නැව්ගත කර තිබෙන ආකාරයෙන් කිසිම වෙනසක් සංයෝගයන්හි සිදු නොකර පාරිභෝගිකයින් වෙත යොමු කර ඇතැයිද දන්වා ඇත.
‘මෑතකදී ඇතිවූ සිද්ධි හා ගැටලු සිදුවී ඇත්තේ එල්පී ගෑස් සඳහා භාවිත නොවන ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ රෙගියුලේටර් නළ සහ උදුන් භාවිතයේ පවතින නොසැලකිල්ල හේතුවෙනි‘
යනුවෙන්' දැන්වීමේදි සඳහන් කර තිබේ.
හදිසි අවස්ථා සඳහා 1311 අංකය අමතන ලෙසද ලිට්‍රො සමාගම දැන්වීමෙන් ඉල්ලා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval