omicron-sri-lanka

ශ්‍රී ලංකාවේදී අලුතින් ඔමික්‍රොන්  04 දෙනෙකු හඳුනාගත් බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අද ප්‍රකාශ කළ අතර
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ රෝගීන් 03 දෙනෙකු හමුවූ බවයි.


අලුතින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයන් තිදෙනාගෙන් එක් ආසාදිතයකු විදේශිකයකු වන බවත් ඔහු දැනට මෙරටින් පිටව ගොස් ඇති බවත් වෛද්‍ය හේමන්ත හේරත් කීය. ගුවන් තොටුපලේදී සිදු කළ පීසීආර් පරීක්ෂණ අනුව එය හඳුනාගන්නාවිට විදේශිකයා පිටව ගොස් ඇතැයි ඔහු කීය.
අනෙක්  ආසාදිතයා මෙරටට පැමිණි පුද්ගලයකු වන අතර තෙවැනි පුද්ගලයා ඔහුගේ ආශ්‍රිතයකු  බව ඔහු පැවසීය.
මේ අය සිටින්නේ කොහේද තමා නොදන්නා බවත් ඊමේල් පණිවිඩයේ ඇති විස්තරයේ ඇති දේ පමණක් කිව හැකි බවත් ඒගැන වැඩිදුර තොරතුරු  තවමත්  වාර්තාවී නැතත්  ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලමින් සිටින බවත්  හෙතෙම සඳහන් කළේය.