navy-cab-jaffna

යාපනය නගරයේ ධාවනය වෙමින් තිබූ නාවික හමුදා කැබ් රථයකට පෙරේදා (14දා) සවස එල්ල වූ ගල් ප්‍රහාරයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව යාපනය පොලීසිය පවසයි. 

යාපනය නගරයේ තැපැල් කාර්යාලය ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී නාවික හමුදා කැබ් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී එකවරම සැගව සිටි අයෙකු විසින් ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය විය.අදාළ ගල් ප්‍රහාරයෙන් නාවික නිලධාරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතරම කැබ් රථයේ ඉදිරිපස් වරුවට පමණක් හානි සිදුව තිබේ.

ගල් ප්‍රහාරය එල්ල කර අය කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතරම ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා ඇත්දැයි යන්න සොයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණයක් අරඹා ඇති බවට යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 (වව්නියාව - මධුෂංඛ අමරසිංහ)