මහියංගන පාලමින් තරුණයෙකු සහ තරුණියක මහවැලි ගඟට පැන ඉන් පසු තරුණයා ජීවිතය බේරාගෙන තරුණිය අතුරුදන්වීමේ පුවතක් වාර්තාවේ.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පැවසුවේ පාලමේ කනුව අසලින් තරුණිය මුලින් ගඟට පැන්න අයුරු තමා දුටු බවත් ඒ එක්කම පිරිමියා ද ගඟට පැන්න බවය. ඔහු තරුනිය බේරාගන්නා අටියෙන් පැන්නාදැයි සැක බව ඔහු හෙළි කළ අතර කෙසේ වෙතත් ජල පහරට හසුවී ඔවුන් ගසාගෙන යන අයුරුත් තරුණයා බේරී ආ හැටිත් තමා දුටු බව කීය.
ගඟට පැන ඇති පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ ඇති අතර වතුර පෙවී ඇති ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.
මහියංගනය පොලිසියේ නිලධාරීන් පැමිණ අතුරුදන් වූ තරුණිය සොයා විමර්ශන ආරම්භ කර ඇත.
පොලිසිය පවසන්නේ මෙලෙස අතුරුදන් ව ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක බව තරුණයාගේ ප්‍රශ්න කිරීමෙන් දැනගත් බවයි. මෙම තරුණිය ගැන නිවැසියන් සොයා ගොස් තොරතුරු විමසීමේදී ඊයේ උදෑසන ඇය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පැමිණි බවද ඇය කොහේ ගියේදැයි සොයමින් සිටි බවද නිවැසියන් දන්වා ඇත.
අදාළ සිදුවීම කැමරාවක පටිගතව තිබුනේ මෙලෙසින්.
Comments
Post a Comment
Your comment will be visible after approval