මෙම උපමාව යොදන්නේ අසාධාරණ මුග්ධ හාස්‍යජනක නඩු තීන්දුවක් සම්බන්ධයෙනි. කැකිල්ලේ රජු නමින් මෝඩ රජෙක් පුරාණ කාලේ වාසය කළේය.
මෙම රජතුමාගේ අගනුවර තුළ මිදෙල්ල සිටු තුමාගේ මැදුර පිහිටා තිබිණි. දිනක් රාත්‍රී පල් හොරු රංචුවක් මෙම සිටු නිවස බිඳීමට පැමිණියෝය.
සිටු මැදුර බිඳිත්ම බිත්තියක් එක් සොරකු මත වැටී ඔහු එතනම මළේය. සොර නායකයා පසු දින කැකිල්ලේ රජතුමාට මේ බව පැමිණිලි කළේය. රජතුමා සිටුතුමා ගෙන්වා ඔබගේ මැදුරේ බිත්ති සවිමත් ලෙස නොතිබීම නිසා සොරකු මිය ගිය නිසා ඔබ වරදකරු වී සිටින බැවින් දඬුවම් දීමට පෙර නිදහසට කාරණා තිබේදැයි ඇසීය.
රජතුමනි, බිත්තිය සවිමත් නොවුයේ බාස්ගේ වරදිනියි. සිටුතුමා නිදහසට කාරණා වශයෙන් කීය.
වහාම ගෙය සෑදු බාව රැගෙන එන ලෙස රජතුමා රාජ පුරුෂයින්ට නියම කළේය. රජතුමා බාස්ට චෝදනාව කියා දඩුවමට පෙර නිදහසට යමක් තිබේනම් කියවයි ගුගුළේය. දේවයන් වහන්ස, මා අත වරද නැත. මැටි අනා දුන් අත් උදව්කාරයා පදම වරද්දා තිබූ නිසා බිත්තිය සවිමත් නොවූ බව බාස් කීය. රාජපුරුෂයන්ට කථා කළ රජතුමා වහාම අත් උදව්කරු මා ඉදිරියට කැඳවනුයි නියම කළේය. රාජ පුරුෂයෝද අත් උදව්කරු සොයා ගොස් අල්ලාගෙන විත් රජතුමා ඉදිරියට ගෙනාවෝය. රජතුමා කියනුයේ මිදෙල්ල සිටුතුමාගේ ගෙයි බිත්තිය සවිමත්ව නොබැන්ද නිසා බිත්තිය කඩාවැටී සොරකු මළ නිසා එයට නුඹ වැරදි කරුවී තිබෙනවා. තොපට, නිදහසට කාරණා ඇත්නම් වහා කියන ලෙස අණ කළේය.
පහන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස, එයට වැරදිකරු මම නොවෙමි. බදාම අණනවිට වතුර දමූ කළයේ කට ලොකු නිසා වතුර වැඩිය වැටුණා. කළය හැදු මිනිසා මේකට වැරදිකරු යයි අත් උදව් කාරයා රජතුමා ඉදිරියේ කියා සිටියේය. ඒකත් හැබෑ නේන්නම් කියූ රජතුමා කළය සෑදූ කුඹලා වහාම මා ඉදිරියට ගෙනෙවයි රාජ පුරුෂයින්ට අණ කළේය. රාජ පුරුෂයෝ ද වහා ගොස් කුඹලා රජු ඉදිරියට ගෙන ආවේය. රජතුමා පෙර අයට මෙන් මිදෙල්ල සිටුතුමාගේ බිත්තිය කඩා වැටීම ගැන මරණයක් සිදුවී ඇති නිසා තොප වරදකරු වී ඇති බැවින් වහාම, නිදහසට කාරණා විමසීය. කුඹලා කියන්නේ, දේවයන් වහන්ස, මම කළ සාදනකොට පාරේ ගැහැණියක් කෑ ගසමින් කිහිප වරක් එහේ මෙහේ ගියා.
එයට මාගේ හිත යොමු උනා. ඒ නිසා කළේ කට ලොකු වුණා. ඉතින් වරදකරු මම නොවෙයි.
එම ගැහැණිය යයි කුඹලා රජතුමා ඉදිරියේ හඬා වැළපෙන්නට විය. රජතුමා ඔහුගේ කථාව පිළිගෙන වහාම එම ස්ත්‍රිය මා වෙත ගෙන එන ලෙස රජතුමා රාජ පුරුෂයින්ට නියම කළේය. රාජ පුරුෂයෝ ස්ත්‍රිය සොයා ගොස් ඈ රජතුමා ඉදිරියට ගෙන ආවෝය. රජතුමා චෝදනාව කියා නිදහසට කරුණු වහාම ඉදිරිපත් කරන ලෙස අණ කළේය. ස්ත්‍රිය මහත් සේ බියට පත් වූවාය. ඇය රජතුමා ඉදිරියේ වැඳ වැටී මෙසේ කීවාය. මහ රජතුමනි, මම කුඹලාගේ ඒ බව ඇත්ත, මම රන්කරුවාට වළල්ලක් සාදන්නට රන් ටිකක් දී බොහෝ කල්. ඔහු එය අද දෙන්නම් හෙට දෙන්නම් කියා මා රැවැට්ටුවා. එනිසා මම පාරේ බැන බැන ගියෙමි යි කීවාය. රජතුමාගේ කෝපය බොහෝ දැඩි විය. මෙවැනි බොරුකාරයට මගේ රට තුළ සිටීමට දීම මම වැනි රජකුට නුසුදුසුය, කියා රන්කරු වහාම මා වෙත ගෙනවයි රාජ පුරුෂයන්ට නියම කළේය.
රාජ පුරුෂයෝ රන්කරුවා කඹයකින් බැඳ රජතුමා ඉදිරියට ගෙනාවෝය.
රජ්ජුරුවෝ රන්කරු දුටු විටම ඔහුට දඬුවම නියම කළේය. හෙට උදේ අටට මඟුල් ඇතු ලවා අන්නවා මරණයට පත්කරනු ඇතැයි රජතුමා කියන්ම, රන්කරු නම නිදහසට යමක් කියන්නට අවසර ලබා ගත්තේය. පහන් දහසකට බුදුවන්න හාමුදුරුවනේ, මම වරද පිළිගනිමි. ඒත් ඉතා කෙට්ටු මා ඇතු ලවා අන්නන විට ඇතුළු බොහෝ වේදනා ගෙන දෙනු නොඅනුමානය. අපේ ගේ ළඟ කඩේ මුදලාලි මහත කෙනෙක්, ඔහුට ඇන්නහොත් ඇතාට රිදීමක් වේදනාවක් නැතැයි කියන්ට එම අදහස හිස් මුදුනින්ම පිළිගත් රජතුමා පසු දින උදේ අටට මුදලාලි ඇතු ලවා ඇන මරා දැම්මේය.
Comments
Post a Comment
Your comment will be visible after approval