ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා තමාට ආරාධනා කළහොත් කොන්දේසි කිහිපයක් මත භාරගන්නා බව රොෂාන් මහනාම මහතා පවසයි.
රොෂාන් මහානාම මහතා මේ බව සදහන් කළේ ඊයේ (17) කොළඹදී පැවැති වැඩසටහනකදීය.
“ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මට භාරගන්න කියලා කිව්වොත් මම ඒ ගැන කල්පනා කරලා බලනවා. මට මීට මාස 3කට නැත්තම් 4කට විතර කලින් කරන්න කියලා ආරාධනාවක් ලැබුණා.
නමුත් ඒ කාලපරිච්චේදය එවැනි තීරණයක් ගන්න හොඳ අවස්ථාවක් නෙමෙයි.”
“මම වෙලාව ගත්තා කල්පනා කරලා බලන්න..මේක මම කළයුතු දෙයක් ද කියලා. මොකද මගෙත් අඩුපාඩුකම් ටිකක් තියෙනවා. මොකද මම ඩ්‍රෙසින් රූම් එකක් ඇතුළත වැඩ කරලා නෑ..අන්තිම අවුරුදු කිහිපයේ.”
“කොහොම වුනත් එන්න නම් මට මගේ කණ්ඩායම අවශ්‍යයි. තනි පුද්ගලයෙකුට ඇවිත් මේ දේවල් කරන්න බෑ. හැබැයි මං ගෙනාවා කියලා මේ ප්‍රශ්න නම් විසඳන්න ලැබෙන්නේ නෑ. අපි ඔක්කෝම එකතුවෙලා වැඩ කරන්න ඕනේ.”
“ක්‍රීඩා ඇමතිට කාර්යභාරයක් තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුද්ගලයින්ට වගකීමක් තියෙනවා ඔවුන් විසින් කළයුතු දේවල් ගැන. නැත්තම් මේවා තාවකාලික විසඳුම්.”
“මාව දාලා වෙන වැඩ වහගන්න යනවා නම්, ඒක හරියන්නේ නෑ. විවිධ පැතිවලට ඇදලා යන්න බෑ.. මේ ගමන.”
Comments
Post a Comment
Your comment will be visible after approval