පළමු ඔමික්‍රොන් ආසාදිත මරණය එක්සත් රාජධානියේ අද(13) වාර්තා වී තිබේ.
එම මරණය අගමැති බොරිස් ජොන්සන් විසින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය එම නගරය තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් අද (13) නිවේදනය කළේය.
මේ වනවිට ලොන්ඩන් නගරයෙන් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් 405ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.
මෙතෙක් එන්නත් දෙකක් ලබාගෙන ඇති අය පවා එම ප්‍රභේදයේ අවදානමට ලක්ව සිටින බව නවතම පර්යේෂණවලින් හඳුනාගෙන තිබේ.



