gas-blast-586
ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීම් සිද්ධි 586ක් මේ මාසයේ (දෙසැම්බර්) ගෙවී ගිය දින 12 ට පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දුව මහතා ඊයේ (13 දා) පැවසීය.



මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීම් 694 ක් වාර්තා වී ඇතැයි ද ඉන් සිද්ධි 683 ක් නොවැම්බර් සහ දෙසැම්බර් මස 12 වැනිදා තෙක් වාර්තා වී ඇතැයි ද ඔහු කීය.

නොවැම්බර් මාසයේ පමණක් එවැනි සිද්ධි 117 ක් වාර්තා වී ඇතැයි ද ඔහු කීය.

පෙරේදා (12 දා) පමණක් ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත පිපිරීම් 23 ක් වාර්තා වී ඇතැයි ද ඔහු කීය. මේ සියලූම අවස්ථාවල ගෑස් ටැංකි පුපුරා යෑමක් සිදුව නැති බවත් ගෑස් ලිප්, බට, රෙගුයුලේටර් ආශි‍්‍රත සිදුවීම් වාර්තා වී ඇති බවත් ඔහු කීය.

ගෑස් සිලින්ඩර් ආශි‍්‍රතව සිදුවූ පිපිරීම්වලදී වීදුරු ආශි‍්‍රත ලිප් වැඩි වශයෙන් පිපිරීම්වලට ලක්ව තිබූ බව නිරීක්‍ෂණය වී ඇත.