හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි මේ වනවිට වැලි මැස්සාගෙන් හටගන්නා 'ලීස්මෙනයිසීස්” නමැති රෝගය හිස ඔසවමින් ඇති බව හම්බන්තොට සොබා සේවා අධ්‍යක්ෂිකා වෙද ටී.එම්.පී.පටබැදිගේ මහත්මිය පැවසුවාය.හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය මගින් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය. "තිස්සමහාරාම, අම්බලන්තොට, බෙලිඅත්ත,වලස්මුල්ල,
තංගල්ල හා මිද්දෙණිය ප්‍රදේශවලින් මේ වනවිට වැලි මැස්සාගෙන් හටගන්නා'ලීස්මෙනයිසීස්” රෝගීන් බහුලව වාර්තා වෙනවා. ඒ අනුව දිනකට 50 - 60 අතර රෝගීන් පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැණිනවා. බහුලව තෙතමනය සහිත ස්ථානවල මෙන්ම කුණු ගොඩවල් ආශ්‍රිතව තමයි මෙය වැඩි වශයෙන් දැකිය හැක්. මෙහි ඇතිවෙන රෝගී තත්වය තමයි මෙම වැලි මැස්සා විසින් සපාකන ලද ස්ථානවල කාලයක් පවත්නා තුවාල ඇති වීම. මේ නිසා දිර්ඝ කාලයක් තිස්සේ සුව නොවන තුවාල ඇත්නම් වහාම දිගම අදති රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ල සිටිනවා. එමෙන්ම එවැනි තුවාල සහිත රෝගීන් අපිචර්ම රෝග සායන සදහා යොමු කිරීමටත් පියවර අරගෙන තිබෙනවා.
එහිදී අප එන්නතක් ලබා දීම සිදු කරනවා. ඉන් මේ වැලි මස්සාගත් බෝ වන රෝගය සුවකර ගැනීමට හැකි වෙනවා. ඒ නිසා දිර්ඝ කාලයක් තිස්සේ සුව නොවන තුවාල ඇත්නම් කරුණාකර ළඟම ඇති රෝහලට ගොස් ඒ සදහා අවශය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මෙන් ඉල්ලනවා.” යයිද පවසා සිටියාය.
(සූරියවැව - නුවන් ජයසේකර)
Comments
Post a Comment
Your comment will be visible after approval