kirthana-story

”අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී” යැයි කියමනක් ඇත. මේ කියමන සාක්සාත් වූ වාරද අනන්තය. අප්‍රමාණය. එවැනි පුවත් මාධ්‍ය ඔස්සේද ඕනෑ තරම් ප්‍රචාරය වන්නේ අවවාදාත්මක වදනක්ද එක්කරමිනි.  එහෙත් ඒවා අසන දකින් කිසිවකුත් ඉන් ආදර්ශයක් ගෙන, හැදුණ බවක් නම් පෙනෙන්නට නැත. ඒ දිගින් දිගටම එවැනි සිදුවීම් රට වටෙන්ම අසන්නට ලැබෙන නිසාය.  එලසම සමහර මාධ්‍ය සමහර පුවත් ඉදිරිපත් කරන්නේ සම්පූර්ණයෙන්ම වැරැදීආකාරයටය, එනම් පාඨක ආකර්ශන ලබාගැනීම උදෙසා පුවතක් රසවත් කොට නැතිදා එක් කොට සිය දිවිනසා ගැනීම්  ඝාතන බවට පත්කිරීමට පවා මාධ්‍ය කටයුතු කරන්නේ පොලිසියද දැඩි අපහසුතාවට පත් කරවමින්.

මේ හේතු පාඨ දෙකටම ගැලපෙන සිදුවීමක් පසුගියදා මන්නාරමෙන් අසන්නට ලැබිණි.එය හුදෙක්  පෙම් පලහිලව්වක් මතවූ සියදිවිනසා ගැනීමකි.

එහෙත් මාධ්‍යවල ප්‍රචාරය වූයේ පෙම්වතා අතින් සිදු  ඝාතනයක් ලෙසත් පෙම්වතා අත්අඩංගුවට  ගැනීමට සූදානම් බවත්ය.  මේ ගැන මන්නාරම මූලස්ථාන පොලිසිය කළ විමසුමේදී දැනගන්ට ලැබුණේ මෙය සියදිවිනසා ගැනීමක් බවත් ඇයට එවැන්නක් කරගැනීමට සිදු  වූයේ පෙම්වතුන් කිහිපදෙනකු ඇසුරුකිරීමට යැම නිසා බවය.එනම් අත්තෙන් පනින්නට ගොස් තම  අතින්ම තමන්ගේ මරණය ළගාකර ගත්බවකි.  නාවක්කුලිය දකුණ,කයිතඩි,චාවකච්චේරි ලිපිනයේ  පදිංචි ජෙයකුමාර් කීර්තනා වයස අවුරුදු 21ක ඇගළුම් සේවිකාවකි. ගම  යාපනය වුවත් ඇයගේ රැකියා ස්ථානය පිහිටා තිබුණේ මන්නාරමේය.එහෙයින් ඇයට මන්නාරම නතර වීමට සිදුවූවාය.ඊටද ඇයට වැඩි වෙහෙසක් ගැනීමට සිදු වුයේනැත.ඒ ඇයගේ පුංචි අම්මාගේ පදිංචිය මන්නාරමේ නිසාය. ඒ අනුව ඇය මන්නාරමට එන්නේ මීට මාස දෙකකට පෙරය.  ඇයට පෙම්වතෙකුද සිටියාය. ඔහුද ඇයගේ ගම් ප්‍රදේශයේ එනම් යාපනයේ පදිංචිකරුවෙකි.


පාසල් සමයේ සිට මේ දෙදෙනා දැන් හැඳිනන්ගෙන සිටි අතර මේ හිතවත්කම පෙමකට හැරෙද්දි වැඩිහිටියන්ගෙන් බාධා එල්ල වූයේ නැත. ඒ දෙන්නට දෙන්නා පමණක් නොව පවුල්පිටින්ම හඳුණන බැවිනි. මීට ටික කාලකට පෙර පෙම්වතා විදෙස් ගත විය.   ඒකාලයේදී දෙදෙනා අතර සම්බන්ධය අඛණ්ඩව පැවැතිනි. මීට මාස කිහිපයකට පෙර ඔහු මෙරටට පැමිණි අතර පෙර පරිදි  දෙදෙනාගේ සම්බන්ධය නිසොල්මනේ   ගලාගෙන ගියේය.ඒ  අතර ඔහු ඇයට ජංගම  දුරකතනයක්ද රැගෙන දුන්නේ දෙදෙනාගේ සම්බනධය අඛණ්ඩව පවත්වාගෙන යැමට පහසුවනලෙසිනි. කීර්තිනා මන්නාරමට යන්නේ  මෙලෙස කාලය  ගෙවී යද්දීය. පසුගිය 14 වැනිදා උදේ කීර්තිනා පුංචි අම්මාගේ නිවෙසින් පිටවන්නේ රැකියාවට යන බව කියමිනි. එහෙත් ඇය පෙර පරිදි නිසි වේලාවට වැඩනිම වී නිවෙසට පැමිණියේ නැත.  පුංචි අම්මාද ඒගැන වැඩි තැකීමක් නොකළේ කවදත් හිතුවක්කාර ඇය වැඩ නිමවී වි යාපනයේ  යන්නට ඇතැයි සිතාගනය.

එදින සවස මන්නාරම පොලිසියට පැමිණි කළ  පුවේ මසුන් මරන්නකු යම් තොරතුරක්  හෙළිකළේය.ඒ තමන් මඩකලපුවේ මසුන් අල්ලමින් සිටියදී යමක්දියට වැටෙන් විශාල ශබ්දයක් ඇසුණ බවත් ඒ දෙස හැරී බලද්දී සර්වාලයක් හැඳගත් කාන්තාවක් කලපුවට පැන්න බවත් ඇය දෙතුන් වතාවක් උඩට එමින් යට යමින් පසුව වතුරේ අතුරුදන් වූ බවත්ය.  මොහු පොලිසියට පැමීණීමට පෙර මේ සිද්ධිය එම කලපුව අසල පිහිටි නාවික හමුදා කඳවුරටත් යුද හමුදා කඳවුරටත් දැනුම් දී තිබිණි. එනම් ඒ  පුද්ගලයා සිවිල් පුරවැසියකුට සිවිල් සමාජයේ පැවැරී ඇති වගකීම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කර තිබිණි.




මෙම තොරතුර ලද වහාම මූලස්ථාන ස්ථානාධිපතිවරයා,කණ්ඩායමක්ද සමග මන්නාරම නගරය ආසන්නයේ වූ පාලම අසලට ගියේ නාවික හමුදා කිමිදම් කරුවන් ද කැඳවමිනි. යුද හමුදාවේ සහායද ලබාගෙන කාන්තාව පැන්නා යැයි කී ස්ථානය අවටත් කොපමණ   සෝදිසි කළත් කාන්තා මළ සිරුරක් තබා ඇය හැඳ සිටි යැයි කී සල්වාරි සෝල් එකවත් පෙනෙන්නට නොතිබීණි. ඒඅනුව මෙහෙයුමට එක් වූ කණ්ඩායමේ මතය වූයේ මේ පුද්ගලයා බොරුවක් කියන බවයි. එනම් යම් මානසික ව්‍යාධියක් හේතුවෙන් හෝ නැතිනම් යම් ජායාවක් දැක හෝ මෙලෙස කලබලවී කාන්තාවක් වතුරට පැන්නා යැයි කියන බවයි.


දිනය නිමාවිය. කාන්තාව මළ සිරුරක් ගැන හෝඩුවාවක් ලැබුණේ නැත,පසුදා එනම් 12 වැනිදා උදාවිය. දවස නිමාවිය. කාන්තා මළ සිරුරක් තබා අතුරුදන්වීම ගැන පැමිණිල්ලක්වත් ලැබුණේ නැත. පණිවිඩකරු බොරුවක් කීවාය යන්න දිනෙන්දින එලෙස සනාථ වෙද්දී පසුදාට එනම් 13වැනිදාට පහන් විය.  එදින උදේ මන්නාරම මූලස්ථාන පොලිසියට දුරකතන ඇමතුමක් දුන් අයකු කියා සිටියේ වැසි වතුර කලපුවට ගලා යන ස්ථානයේ කාන්තා මළ සිරුරක් දක්නට ලැබෙන බවයි.  ඒ සමගම මූලස්ථාන ස්ථානාධිපතිවරයාගේ මතකයට ආවේ මීට දින දෙකකට පෙර ලැබුණු පැමිණිල්ලයි. වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා මළ සිරුර තිබෙන බව කී ස්ථානය බලා පිට වූ  අතර ඒයන විට පැමිණිල්ල කළ පුද්ගලයා  කලපුවේ මාළු බාමින් සිටියේය. මළ සිරුරක්  ගොඩගසා ඇති බව පවසා ඔහුද එම ස්ථානයට  කැඳවාගෙන යැමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.


“සර්..මේ ගැනු ළමයා තමයි ඵදා පාලමෙන් පැන්නේ. මේ ඇඳුම මට හොඳට මතකයි"  තොරතුරු දුන් පුද්ගලයා එලෙස පැවසුවේ  සුසුම් හෙළමිනි, ඒ තමන්ගේ ඇහැට දැක දැක පැත්නත් ඒ කාන්තාව බේරාගැනීමට තමන්ට  නොහැකි වූ නිසා විය යුතුය.  සිරුර බොහෙවින් නරක් වී තිබිණි, හඳුනා  ගනීමද එතරම් පහසු නැත. ඇය කවුද යන්න පවා සොයාගැනීම අපහසු වූයේ ඇය සන්තකයේ කිසිදු ලියකියවිල්ලක් නොවූ නිසාය.  මන්නාරමේ ඇති ඇගලුම් කම්හලේ පිට පළාත්වලින් පැමිණි තරුණියන්ද රැකියාවේ නිරත බැවින් මේ කවුදැයි හඳුනාගැනීම සඳහා එම කම්හල් තරුණියන්ගේ සහය පැතීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.


‘මේ යාපනෙන් ඇවිත් මෙහේ වැඩකරපු කීර්තීනා"  'එයා ඊයේ වැඩට ආවේ නැ.ඊට කලින් දවසේ එයා  වේලාසනින් ගියා.එයාගේ බෝයිෆෙන්ඩ් ඇවිත් කියලා. හැබැයි මෙහේ වැඩට ඇවිත් දැනට මාස දෙකයි.ඒ මාස දෙකටම පෙරේදා තමයි බෝයිෆෙන්ඩ ආවේ. ඊට කලින් ආවේ නැ.'


කම්හලේ සේවිකාවන් කිහිප දෙනකුම මළ සිරුර හඳුනාගැනීමත් මියගිය තරුණියට පෙම්වතකු සිටින බව පැවසීමත් සමග විමර්ශන කණ්ඩායමට බොහෝ සැකසංකා මතුවිය.  කීර්තිනාගේ පුංචි අම්මා කැඳවන්නේ ඉන් අනතුරුවය.  'මෙයා හරි මුරණ්ඩුයි.එදා වැඩට ගිහින් ආපහු  ගෙදර ආවේ නැ. මම හිතුවේ එයා වැඩ ඇරිලා එහෙම  යාපන්නේ එයාගේ ගෙදර යන්නෙ ඇති කියලා. එයා වෙනදටත් එ වගේ මුරණ්ඩු වැඩ කරනවා.  දෙයියනේ. මම දැන් අක්කට මොකක්ද කියන්නේ?  පුංචි අම්මා එලෙස හඬා වැටෙන්නට වූවාය.  කීර්තනාමාගේ මව් පියන්ද කැඳවූ අතර මේ පෙම් වටලැවිල්ල ගැන ඔවුන් ද දැනසිටියහ.  ඇයගේ පෙම්වතා කැඳවන්නේ ඉන් අනතුරුවය. ඒවනවිටත් ඔහු මේ කිසිවක් දැන නොසිටි අතර දැන සිටියේ දින දෙකකට පෙර සවස හමු වී රණ්ඩු වී ඇය බස් එකේ යන බව පවසා යන්නට ගිය බව පමණි.




'සර්.මමයි කීර්තනයි යාලුවෙලා ගොඩකල්. මම කලයක් රට ගිහින් හිටියා.ඒ කාලෙත් අපේ සම්බන්ධය තිබුණා.මම එයාට ෆෝන් එකකුත් අරගෙන දුන්නා'  මෑතක ඉඳලා එයා සැහෙන්න වෙනස්.”  පහුගිය 11 වෙනිදා මම මන්නාරමට ආවේ මගේ බිනස් වැඩ වගයකට.ඒ ආපුගමන තමයි මම එයාව හම්බවෙන්න ගියේ. මම කෝල්කරල එන්න කිව්වම එයා හාෆ් ඩේ එක දාලා ආවා.අපි බස්ටෑන්ඩ් එක ළග කූල්ස්පොට් එකකට  ගිහින් අයිස්ක්‍රීමුත් කැවා.  ඒ අතරේ එයාට කාගෙන් හරි කෝල් එකක් ආවා. එයා ඒකට ප්‍රතිචාර දක්වපු විදිය ගැන මට සැක හිතුණා.'

'ඒගැන අහද්දි එයා මාත් එක්ක රණ්ඩුවට ආවා, මම එයාගේ ෆෝන් එක අරගෙනචෙක් කළා. ඒක මම  අරන්දුන්න එක නෙවෙයි.එයා ගත්ත එකක්.ඒකේ මෙයා වෙන කොල්ලෙක් එක්ක කතා කරපුවා   වගයක් රෙකෝඩ් කරගෙන තිබිලා මට අහුවුණා.  පස්සේ මම ඒ රෙකෝඩින්ස් මගේ ෆෝන් එකට දාගත්තා.''  ‘එයයි මමයි ඒකට රණ්ඩු වුණා. මම එයාව බයික් එකේ ගිහින් දාන්නම් කිව්වම එයා කිව්වා බස් එකේ යන්නම් කියලා.එයා ගියා. මමත් යාපනේට ගියා.ඒ  ගියාට පස්සේ එයා මට කෝල් කලේවත් නැ.  මම හිතුවේ එයා ගෙදර යන්න  ඇති කියලා.  මෙහෙම දෙයක් කරගනියි කියල දන්නවනම් මම එයාව තනියම යවන්නැ ''  පෙම්වතා කදුළු සලන්නට විය.  

වයස අවුරුදු 21ක් වෙද්දී පෙම්වතුන් කිහිප දෙනකු ඇසුරු කරන්නට ගිය කිර්තීතනා තව ටික දිනක් ජීවත්වූයේ නම් සිදුවන්නට තිබුණේ මීට වඩා දරුණු සිද්ධි මාලාවකි. එනම් එක්කෝ  පෙම්වතුන් දෙදෙනා ගහගෙන එකකු වල පල්ලට යැමය. නොඑසේනම් එක් පෙම්වතකු අතින් කීර්තනා වලපල්ලට යෑමය.  සිද්ධි මාලාව මෙසේ වෙතත් කතාව පැතිරගියේ කීර්තනා මරා කලපුවට දැමීම පෙම්වතාගේ වැඩක් ලෙසටය.එය සම්පුර්ණයෙන්ම අසත්‍ය වන මෙය තනිකරම සියදිවි නසා ගැනීමකි. එනම් ඇය මිය යන්නේ වතුර පෙවීම නිසාය. එසේම ඇය කන්‍යාවක් බවද තහවුරු වී ඇත.

(තක්ෂිලා ජයසේකර)