හාලිඇල දෙමළ මහ විදුහලේ ළමයින් උදෙසා ඊයේ (01) පැවැති මනෝ විද්‍යා දේශනයක් සඳහා වායු රයිෆලයක් හා වෝකි ටෝකි යන්ත්‍රයක්ද උපයෝගී කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ දේශකයා සැකපිට අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලීසිය කියයි.  

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි කඩවත ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක දේශකයකු බව පොලිසිය පවසයි.  වායු රයිෆලය හා වෝකි ටෝකි යන්ත්‍රයද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුගේ ආරක්ෂකයන් බව කියන පුද්ගලයින් තිදෙනකුද ඔහු හා පැමිණ ඇත.


මෙම සැකකරුට වායු රයිෆල් හා වෝකි ටෝකි යන්ත්‍රයක් භාවිත කිරීමට අවසර තිබේද යන්න හා පාසල් ළමයින් උදෙසා පවත්වන දේශනයකට මෙවන් භාණ්ඩ රැගෙන පැමිණියේ මන්දැයි යන සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.  හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත හාලිඇල පොලීසිය සිද්ධිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

 -විජේරත්න රත්නායක-