ජාත්‍යන්තර පොලීසියේ වරෙන්තු ලබා සිටි, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන බ්‍රසීල ජාතික තරුණියක, කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඊයේ (9) උදෑසන පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන බ්‍රසිලයට පිටුවහල් කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධා පවසති.   මෙසේ අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත්තේ ජාත්‍යන්තර මන්ද්‍රව්‍ය ජවාරමේ  නිරත, කැරොලයින් අරවුජෝ ද සිල්වා  නමැති 23 හැවිරිදි තරුණියකි.  බ්‍රසීල රජය මගින් අත්අඩංගුවට ගැනීමට සැරසෙන විට තායිලන්තයට පැන ගොස් සිටි ඇය අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රසිල රජය ජාත්‍යන්තර පොලීසියේ සහාය පතා තිබිණි.



ඒ අනුව ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින් ජාත්‍යන්තර රතු වරෙන්තු නිත්වේදන නිකුත් කරනු ලැබූ අතර ඇයගේ තායිලන්ත වීසා කාලය නිමා වීම හේතුවෙන්, ඇය මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. තමා අත්අඩංගුවට ගැනීම සඳහා  ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර ඇති බව ඇය දැන සිට ඇතත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පොලීසිය සමග සම්බන්ධතා පවත්වන බව නොදැන ඇය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පැමිණ ඇතැයි වාර්තා වේ. ඇය මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ තායිලන්තයේ සිට සිංගප්පූරුව හරහා පැමිණ සිංගප්පුරු ගුවන් සේවයේ එස්.කියු - 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඇය සිය ආගමන නිෂ්කාශන කටයුතු කරගැනීම සඳහා ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන නිලධාරි කවුළුව  වෙත ලබාදුන් ගුවන් ගමන් බලපත්‍රය සහ ශ්‍රී ලංකාවේ වීසා සඳහා අවශ්‍ය ලියකියවිලි, දේශසීමා තොරතුරු පද්ධතිය සමග පරීක්ෂා කළ ආගමන විගමන නිලධාරිවරයා, මෙම තරුණිය ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු නිවේදනයක  නිකුත් කර ඇති තැනැත්තියක් බව  අනාවරණය කරන්ගෙන ඇත. ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රාජකාරි කළ ප්‍රධාන ආගමන විගමන නිලධාරිවරයා වෙත යොමු කළ බවත්, ඇය තායිලන්තයේ දිගු කලක සිට ජාත්‍යන්තර පොලීසියට හසු  නොවන පරිදි වෙනත් රටකට ඇතුළුවීමට සැලසුම් කර ඇති බව එහිදී අනාවරණය වූ බවත් ආගමන විගමන නිලධාරීහු පවසති.



ජාත්‍යන්තර ගුවන් සේවා නීතිය අනුව ඇය පැමිණි ගුවන් යානයෙන්ම තායිලන්තයට පිටුවහල් කළ යුතු වුවත්, ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙත්තුකාරිනියක වූ බැවින් ගුවන් ප්‍රවේශ  පත්‍ර සකස් කර කටාර් ගුවන් සේවයේ නියු.  ආර්- 665 දරන ගුවන් යානයෙන් ඊයේ (9) පෙරවරු 10.20 ට දෝහා ඔස්සේ බ්‍රසීලයට පිටුවහල් කිරීමට කටුනායක ගුවන්  තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගත්හ.


 -ටී.කේ.පී. කපිල-