යාපනය, වඩමාරච්චි, සක්කෝට්ටෙටි හා මරදන්කේණි ප්‍රදේශයේ වෙරළෙට ගොඩගසා තිබූ තවත් මියගිය පුද්ගලයින්ගේ සිරුරු දෙකක් හමුවී ඇති බව පේදුරු තුඩුව පොලිසිය පවසයි.
සතියක පමණ කාලයක් තුළ පේදුරුතුඩුව, මරදන්කේණි, ඩෙල්ෆ්ට් හා වැල්වැටිතුරෙයි ප්‍රදේශයෙන් වෙරළට ගොඩගැසූ සිරුරු පහක් මේ වන විට හමුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
පසුගිය 28 වැනිදා යාපනය, පේදුරුතුඩුව, මනල්කාඩු හා වැල්වැටිතුරෙයි වෙරළ තීරයන් වෙත මියගිය පුද්ගලයින්ගේ සිරුරු දෙකක් ඩෙල්ෆ්ට්, මරදන්කේණි හා වැල්වැටිතුරෙයි යන ප්‍රදේශයේ වෙරළ තීරයේ පුද්ගල මළසිරුරු තුනක් හමුවී තිබෙන බව වාර්තා වේ.
මියගිය පුද්ගලයින්ගේ සියලුදෙනා පිරිමි පුද්ගලයින් වන අතර මේ වන තෙක් එම සිරුරු හඳුනාගැනීමට නොහැකිවී ඇත.
ඇතැම් සිරුරු හමුවන විට හානි සිදුව තිබූ බව පේදුරුතුඩුව පොලිසිය පැවසීය.
හමුවූ මළ සිරුරු සියල්ල මෙරටින් හෝ ඉන්දියාවෙන් ධීවර රැකියාව සඳහා පැමිණි ධීවර යාත්‍රාවන් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු විය හැකි බ පොලිසිය සැක කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval