ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා පෞද්ගලිකව සිදු කරන මෙම සංචාරයේදී දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.
එම කාලසීමාව තුළ දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය නිමා කළ ජනාධිපතිවරයා මෙලෙස හදිසියේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමත් සමග අද (13) දහවල් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටත් ජනාධිපතිවරයාගේ නියෝජනය අහිමි වෙයි.
ඒ අනුව අද දහවල් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval