මුද්‍රා තැබූ සහ භාවිතයට නොගත්, 2021 දෙසැම්බර් 04 වැනි සෙනසුරාදාට පෙර බෙදාහරින ලද සියලුම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත රැස්කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ලිට්රෝ ගෑස් සමාගමට නියෝග කර ඇත.
එම නියෝගයට අනුව ලිට්රෝ සමාගම දැනට නිවාසවල සහ අලෙවිසල්වල ඇති අදාළ ගෑස් සිලින්ඩර ඉවත්කර ගැනීමට නියමිතය. පාරිභෝගික සේවා අධිකාරියේ මෙම නියෝගය පෙරේදා (7 වැනිදා) පස්වරුවේ තම ආයතනයට ලැබුණු බව ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. කෙසේ වෙතත් ගෑස් සිලින්ඩර නැවත රැස්කිරීමේ ක්‍රමවේදය සහ එම කටයුතු සිදුකරන කාල සීමාව ලිට්රෝ සමාගම මගින් මෙතෙක් අනාවරණය කර නොමැත.
ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කමිටුවේ වාර්තාවට අනුව 2021 නොවැම්බර් 29 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා කාලයේ රටේ ගෑස් ආශ්‍රිත අනතුරු 430ක් අනාවරණය වී ඇත. මේ අතර ප්‍රමිතිය තහවුරු කරන ලද නව ‘ලිට්රෝ’ ලාෆ් ගෑස් සිලින්ඩර රතු සහ කහ වර්ණයෙන් යුතු මුද්‍රාවන් සමගින් වෙළෙඳපොළට නිකුත් කිරීම සමාගම මගින් පසුගිය අඟහරුවාදා සිට ආරම්භ කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval