dozens-including-children-die-in-nigeria-boat-disaster

වයඹ දිග නයිජීරියාවේ කැනෝ ප්‍රාන්තයේදී මගීන් රාශියක් ප්‍රවාහනය කරමින් තිබූ අධික බර පැටවූ බෝට්ටුවක් පෙරළී ගොස් මරණ 29 ක් වාර්තාවී ඇති අතර 13 දෙනෙකු තවමත් අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් 07 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇත.
මියගිය අය අතර වයස 8ත් 15 ත් අතර සිසු දරුවන් ප්‍රමාණය වැඩි බව බලධාරීන් දන්වා තිබේ.
Kano ප්‍රාන්තයේ Badau ගම්මානයේ සිට මෙම ළමුන්, ආගමික උත්සවයක් සඳහා ගඟෙන් එගොඩ පිහිටි Bagwai නම් නගරයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.


නයිජීරියානු ජල මාර්ගවල බෝට්ටු අනතුරු ඛේදජනක ලෙස බහුලව දක්නට ලැබෙන්නේ අධික තදබදය, අයහපත් කාලගුණය සහ නඩත්තු නොමැතිකම හේතුවෙනි.
පසුගිය මාසයේත් ඊට අසල්වැසි ජිගාවා ප්‍රාන්තයේදී බෝට්ටුවක් පෙරලීමෙන් වයස අවුරුදු 10 ත් 12 ත් අතර ගැහැණු ළමයින් හත් දෙනෙකු දියේ ගිලී මිය ගියහ.
ජුනි මාසයේදී සොකෝටෝ ප්‍රාන්තයේ මංගල අමුත්තන් රැගෙන යමින් තිබූ බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගියහ.
වාර්තා වූ අවාසනාවන්තම සිදුවීම වූයේ මැයි මාසයේදී 150 කට වැඩි පිරිසක් ඔවුන්ගේ ලී බෝට්ටුව කැඩී නයිජර් ගඟේ ගිලී යාමෙන් අතුරුදහන් වීමයි.
ජාතික අභ්‍යන්තර ජල මාර්ග අධිකාරිය එම ප්‍රදේශයේ රාත්‍රී යාත්‍රා කිරීම තහනම් කළ නමුත් බලය ක්‍රියාත්මක කිරීම දුර්වලය. 
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)