dehiwala-zoo

දෙහිවල සත්ත්ව උද්‍යානයේ අලුත් උපන් ක්‍ෂීරපායි සතුන් 5 දෙනෙකු සඳහා නම් තැබීමේ සුවිශේෂී අවස්ථාවක් මෙරට දරුවන්ට ලබාදී ඇති බව ජාතික සත්ත්ව උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ප්‍රකාශ කළාය.



ගත වූ මාස 3ක කාලය තුළදී මෙම සතුන් 5 දෙනා උපත ලබා තිබේ.

අරාබි ඔරික්ස් ගව පැටවෙකු, බූරු පැටවෙකු, නයිල් හිපෝ පැටවකු සහ නිවුන් වඳුරු පැටවුන් දෙදෙනකුට නම් තැබීමට අවස්ථාව උදාවී ඇත.

ඒ අනුව මෙම සතුන් පස්දෙනාට නම් තැබීම දෙසැම්බර් 20 වැනිදාට පෙර 070-988488 යන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් (SMS) ලෙසින් හෝ වට්ස්ඇප් පණිවුඩයක් (Whatsapp message) හරහා ලබාදිය යුතු බවත් එහිදී සත්ත්ව පැටියාට යෝජිත නම් දරුවාගේ නම, වයස, පාසලේ නම සහ ලිපිනය සඳහන් කොට කෙටි පණිවුඩය එවිය යුතු බවද සත්වෝද්‍යාන අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.



මෙහිදී සතුන් සඳහා තෝරා ගන්නා නම් දෙසැම්බර් 25 වැනිදා ප්‍රසිද්ධ කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ක්‍රිෂ්ණා ඩී. එදිරසිංහ