ප්‍රවිණ මනෝ විද්‍යා උපදේශකයකු, ධනාත්මක චින්තනය පිළිබඳ ජනප්‍රිය දේශකයකු පුවත්පත් මාධ්‍යවේදියකු වූ චන්දන ගුණවර්ධන මහතා පෙරේදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
කොරෝනා ආසාදිතව අසනීපව රෝහල් ගතව සිටි ඒ මහතා ඉන් සුවය ලබා නිවසට පැමිණියත් යළි රෝග තත්ව පෙන්නුම් කර මියයන විට 60 වැනි වියෙහි පසු විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ චන්දන ගුණවර්ධන මහතා රුසියාවේ මොස්කව් සරසවියෙන් ජනමාධ්‍යවේදය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත්තේය.ධනාත්මක චින්තනය පිළිබඳ දේශකවරයකු ලෙස විශාල මෙහෙවරක් ඉටුකළේය. විවිධ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ සිය දැනුම බෙදාගනිමින් සුබවාදී ආකල්ප වර්ධනයට දායක වූ ගුණවර්ධන මහතා ග්‍රන්ථ 37ක් පළ කර ඇත.
විවිධ ප්‍රජා සංවර්ධන වැඩසටහන් රාශියක්ද නොමිලේ පවත්වා තිබේ.
2018 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.
දේහය අවසන් ගෞරව සඳහා බොරැල්ල 'රෙස්පෙට්’ මල් ශාලාවේ අද (24) පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරු 4.30ට සිදුකෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval