නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් දෙකක උත්පාදන කටයුතු යළි සක්‍රීය වනතුරු දිනපතා සිදුකරනු ලබන විදුලි කප්පාදුව අද 6 අඟහරුවාදා සහ හෙට 7 බදාදා දිනයේදී ක්‍රියාත්මක කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියි.
මින් ඉහත බදාදා වනවිට තත්වය යථා තත්වයට පත්වනු ඇතැයි සිතූවද එය තවත් දිනකින් කල් ගොස් ඇත.
මේ හේතුවෙන් අද සහ හෙට දිනයේද සවස 6-9.30 අතර පැයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඉකුත් සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ විදුලි ජනනය නැවතිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval