යුගදනවි බලාගාරයේ කොටස් ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් ලෙස අටවාගත් සමාගමට විකිණීම සඳහා නීතිපති අනුමැතිය ලබා දුන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අද රජයෙන් ප‍්‍රශ්න කර සිටියේය.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති කැබිනට් සංදේශය අනුව එම බලාගාරයේ කොටස් විකිණීම සඳහා නීතිපති අනුමැතිය ලැබී ඇත්තේ නිව් පෝට‍්‍රස් සමාගමට බවත් කී හෙතෙම එසේ තිබියදී අටවාගත් සමාගමක් වෙත එහි කොටස් විකිණීම බරපතළ වංචාවක් බවත් හෙතෙම කීවේය .
මෙම හොර ගිවිසුම් හරහා සිදුව ඇත්තේ එකී බලාගාරයේ සියයට 40 ක කොටස් ලබා ගැනීම පමණක් නොව සේවක අර්ථසාධක අරමුදල සතු කොටස් ලබා ගැනීම යැයිද හෙතෙම පැවසීය .
Comments
Post a Comment
Your comment will be visible after approval