දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයකු ළඟ රඳවා සිටි රාජාලියකු මෙම මස 3 වැනි දින දැරණියගල පොලිස්
භාරයට ගෙන තිබේ. සුනඛයන් විසින් සපා කමින් සිටියදී මෙම සත්ත්වයා බේරාගැනීමේ අරමුණින් රඳවා
ගත් බව එම පුද්ගලයා පොලිසියට පවසා ඇත. පසුව පොලිසිය විසින් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව
අදාළ පුද්ගලයා පොලිසිය විසින් නිදහස් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වනජීවී කාර්යාලයක් නොමැති නිසා මෙම රාජාලියා රත්නපුර, පලාබද්දල වනජීවී
කාර්යාලයට භාරදීමට කටයුතු කර ඇත. එහි වනජීවී ක්ෂේත්‍ර සහායක අනුර ජයතිස්ස මහතා මෙම
සත්ත්වයාගේ වම් ඇස අහිමි වී ඇති හෙයින් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට සිදු වී ඇති බව පවසා ඇත. මෙම
සත්ත්වයා සර්ප රාජාලියා නොහොත් සර්ප උකුස්සා යන නාමයෙන් හ¾දුන්වන බවත් වියළි කලාපය ආශ්‍රිතව
මොවුන් වැඩි වශයෙන් ජීවත් වන අතර ආහාර වශයෙන් සර්පයන් ගොදුරු කර ගන්නා බව පැවැසූ අනුර
ජයතිස්ස මහතා මෙම සත්ත්වයා ප්‍රතිකාර කර පරිසරයට මුදා හැරීමට කටයුතු කරන බවද පැවැසීය.
උදුගොඩ _ ඒ. නරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval