bandarawela-car

කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා  ධාවනය  කරමින් තිබූ කාරයක් ඊයේ (16දා) උදේ හපුතලේ නගරය
ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි  විසිපහක පමණ ප්‍රපාතයක පිහිටි  තේ වත්තකට පෙරළී තිබේ.



 රියැදුරු තුවාල නොලබා බේරී ඇතැයි හපුතලේ පොලිසිය කියයි. කොළඹ සිට බණ්ඩාරවෙල, හල්පේ  දක්වා
පැමිණි පුද්ගලයකු මෙම අනතුරට මුහුණපා තිබේ.

 රියැදුරාට නින්දයෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි මූලික පරීක්ෂණවලදී පොලිසියට අනාවරණය වී
තිබේ. හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


හපුතලේ - පී ජයන්ත