Processed-meat-Sausages-lead-to-cancer

පෝෂණය හා පිළිකා පිළිබඳව මෙතෙක් කර ඇති පුළුල්ම සමාලෝචනය ඇමෙරිකානු පිළිකා පර්යේෂණ ආයතනය හා ලෝක පිළිකා පර්යේෂණ අරමුදල මගින් 2007 වසරේදී ප්‍රකාශයට පත්කර තිබේ. 



ලෝක පිළිකා පර්යේෂණ අරමුදලට අනුව බේකන් හා හොට් ඩෝග්ස් වැනි සකස් කළ මස්වලින් පිළියෙල කළ ආහාර හා මහාන්ත්‍ර ගුද පිළිකා අතර Colorectal දැඩි සම්බන්ධතාවක් පවතී. සකස් කළ මස් ස්වල්ප ප්‍රමාණයක් වුවද ආහාරයට ගැනීම අහිතකර බැවින් ඒවා පරිභෝජනයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය යන මතය එමඟින් ඉදිරිපත් කරයි.සකස් කළ මස් යනුවෙන් අදහස් කරන්නේ දුම් ගැස්සීමෙන්, ලුණු යෙදීමෙන් හෝ සංරක්‍ෂණ ද්‍රව්‍ය එක්කිරීමෙන් පිළියෙල කරන ලද මස් වර්ගය.

මේවාට නයිට්‍රයිස් හෝ නයිට්‍රොස් nitrates and nitrates එකතු කළ සොසෙජස්, හොට් ඩෝග්ස්, හැම්, බේකන්, පැස්ට්‍රාමි pastrami, සලාමි salami, හම්බර්ග් හා හීනියට කපා සකස් කළ මස් වර්ග අයත් වේ.මෙම නිගමනයන්ට එළඹ ඇත්තේ පිළිකාවන්ගෙන් පෙළෙන හා පිළිකාවලින් නොපෙළෙන එහෙත් වෙනත් ආකාරයගෙන් ඔවුන් හා සමාන පුද්ගලයන් ගත් ආහාර සසඳා බැලෙන අධ්‍යයනයන් 44ක් අනුසාරයෙන් හා පිළිකා හටගැනීමට ප්‍රථම අවධියේ පසුවූ පුද්ගලයන් ගත් ආහාර හා ඔවුන්ගේ ආහාර රටාවන් කලක් තිස්සේ පසු විපරමට භාජනය කෙරුණු අධ්‍යයනයන් 14ක් අනුසාරයෙනි. දිනපතා ආහාරයට ගන්නා සකස් කළ මස් සෑම ග්‍රෑම් 50කින්ම මහාන්ත්‍ර ගුද පිළිකා වැළඳීමේ අවදානම 21% කින් වැඩි කෙරේ.

සකස් කළ මස් අනුභවය ආහාර නළයේ oesophagus, පෙණහලු, ආමාශ සහ ප්‍රොස්ටේට් ග්‍රන්ථි පිළිකාවන්ට සම්බන්ධ බව සමහර අධ්‍යයනයන්ගෙන් හෙළිවී ඇති නමුත් මේවා වඩාත්ම බලපාන්නේ මහාන්ත්‍ර ගුද පිළිකා කෙරෙහිය.

සකස් කළ මස් මගින් පිළිකා හටගන්නේ කුමක් නිසාද?

විද්‍යාත්මකව සලකා බැලුවහොත් මෙය දුන්කොළ හා ළය පිළිකා අතර ඇති සම්බන්ධතාවයට බෙහෙවින් සමානය. දුම්කොළ දුමෙහි රසායනිකයන් සිය ගණනක් ඇති නමුත්, පෙණහලු පිළිකා ඇති කරන්නේ කුමන රසායනය මගින් දැයි තවම හරිහැටි හඳුනාගෙන නැත.

සකස් කළ මස්වල විශේෂයෙන්ම සංතෘප්ත මේදය සහ කොලොස්ට්‍රොල් හා ලුණු බෙහෙවින් අඩංගු වේ. සංරක්‍ෂකයන්, වර්ණකයන් හෝ රසකාරකයක් ලෙස බොහෝ අවස්ථාවලෙ යොදාගන්නා නයිට්‍රයිට්ස් මගින් එන් නිරොසෝ N-Nitroso සංයෝගයන් නිපදවිය හැකි අතර ඒවා පිළිකා කාරකයන් ලෙස සැක කෙරේ. මීට අමතරව අධික උෂ්ණත්වයේ පිසිනු ලබන මස්වල heterocyclic amines eso polycyclic aromatic hydrocarbons ඇතුළු පිළිකා කාරකයන් අන්තර්ගත විය හැකිය.
රතු සහ සකස් කළ මස්වල හෙමේ යකඩ Heme irons බෙහෙවින් අඩංගු වේ. හෙමේ මගින් පිළිකා කාරකයන් නිපදවීම වැඩි කරනවා පමණක් නොව එහි අඩංගු යකඩ සංයුතීන් මුක්ත බණ්ඩකයන් free radicals නිපදවීමටද මඟ පාදයි. සකස් කළ මස් කොහෙත්ම ආහාරයට නොගත යුතුය යන විද්‍යාත්මක මතය හමුවේ වුවද ළමුන් මෙන්ම වැඩිහිටියන්ද බහුල වශයෙන් මේවා ආහාරයට ගනිති.

ඇමෙරිකානුවෙක් දළ වශයෙන් වසරකට සකස් කළ ඌරුමස් නිෂ්පාදන රාත්තල් 32ක් පමණ ආහාරයට එක්කර ගනී. ඇමෙරිකානුවන් හා බ්‍රිතාන්‍යයන් උදෑසන ආහාරය සඳහා නිතිපතා බේකන් ගන්නවාත් හැර ඔවුන් අනුභව කරන පීසා Pizzas වල සකස් කළ මද අඩංගු වේ.2008 වසරේදී පුද්ගලයන් 108070කට මහාන්ත්‍ර පිළිකාත් 40740කට ගුද පිළිකා වැළඳීමට ඉඩ ඇති බවත් 49960ක් පමණ මේ හේතුවෙන් මිය යා හැකි බවත් ජාතික පිළිකා ආයතනය අනාවැකි පළකරයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වඩාත් සුලභ පිළිකා අතරින් සිව්වෙනි ස්ථානය ගුද පිළිකාවන්ට හිමින්වේ.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල විකල්ප ශාක ආහාරයන් එමට තිබේ. ඇමෙරිකානු යෞවනයන් 16කට වැඩි සංඛ්‍යාවක් බරෙන් වැඩි අයයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන් තුන්දෙනෙක්ගෙන් එක් අයෙක්ද, පිරිමින් දෙදෙනෙකු ගෙන් එක් අයෙක්ද පිළිකාවන්ට ගොදුරු විය හැකි යයි තක්සේරු කර තිබේ.

ජාතික පිළිකා ආයතනය මගින් පළකරන ජර්නලයේ 2008 අගෝස්තු කලාපයට අනුව දිනකට ගන්නා සකස් කළ මස් අවුන්සයකින් ආමාශ පිළිකා අවදානම 15% සිට 388 දක්වා වන ප්‍රමාණයකින් වැඩිවේ.
ජර්මන් චාන්සලර් බිස්මාක්ට අනුව නොසෑදිය යුතු හා සකස් නොකළ යුතු දේවල් දෙකක් වේ. ඒවා නම් සොසේජස් හා ව්‍යවස්ථාවන් ය.
 

- වෛද්‍ය ඩී.පී අතුකෝරල
උපුටන සටහන  - කේ.එන්.ඕ. අමරදාස