දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියක්, නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට, අඹුකමට
තබාගත් දහඅට හැවිරිදි පුද්ගලයකු වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.
රාජගිරිය ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය, වෙනත් කටයුත්තක් සඳහා ඉකුත් 5දා උදෑසන නගරයට පැමිණි
අවස්ථාවේදී මෙම තරුණයා දැරිය රවටා මෙසේ පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය පැවැසීය.
දිනය අවසානයේ දරුවන් දෙදෙනා නිවෙසට නොපැමිණි බව පවසා සැකකරුගේ මව හා දැරියගේ මව
පොලිසියේ කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර යුවළ හෝකන්දර ප්‍රදේශයේ
නිවෙසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
සැකකාර යුවළ මෙසේ සැඟව සිට ඇත්තේ සැකකරුගේ පාසල් මිතුරකුගේ නිවෙසක බව පැවැසේ. ඒ අනුව
අත්අඩංගුවට ගත් දැරිය කොළඹ අධිකරණ වෛද්‍ය පීඨයට ඉදිරිපත් කොට කළ වෛද්‍ය පරීක්‍ෂණයේදී
අවස්ථා තුනකදී දූෂණයට ලක්ව තිබූ බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චින්තක මහතාගේ උපදෙස්
මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක දසනායක මහතාගේ මෙහෙයවීමෙන් ළමා
හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් සැරයන් ගංගා (2257), පොලිස් සැරයන් රංජිත්
(38723), පො.කො. අජිත් (71733), සුධීර (83774), පෙරේරා (93838) ඇතුළු නිලධාරීහු
වැටලීම කොට ඉදිරි පරීක්‍ෂණ පවත්වති.
පන්නිපිටිය - හෂාන් පුෂ්පික
Comments
Post a Comment
Your comment will be visible after approval