පසුගිය දා වැලිසර, මහබාගේ සුසාන භූමිය අසලදී සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ
ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේ මියගොස් ඇත්තේ, 17 හැවිරිදි වියේ පසුවූ රත්නපුර ප්‍රදේශයේ පදිංචි අධ්‍යයන පොදු සහතික
පත්‍ර උසස් විභාගය සඳහා හදාරමින් සිටි සිසුවෙකි.
පසුගිය 4 වන දා 16 හැවිරිදි සිසුවෙකු විසින් පදවනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිසර
ප්‍රදේශයේදී තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අවස්ථාවේ යතුරු පැදියක ගමන්
කරමින් සිටි මෙම පාසල් සිසුවා අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර
ඒකකයට ඇතුළත් කර තිබිණි.
සිසුවා ගමන්කළ යතුරු පැදිය පදවාගෙන ගිය ඔහුගේ ඥාතියෙකු වූ 52 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදී
ම ජීවිතක්ෂයට පත් විය.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා නොවැම්බර් මස 19
වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ
පුත්‍රයා රැගෙන ගොස් ඇති තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval