udaya-gammanpila-speaks

සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා බොරතෙල් ගෙවීම වෙනුවට ඍජුවම පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

එමෙන්ම අධික වර්ෂාව සමග විදුලිබල මණ්ඩලය දැවිතෙල් මිල දී නොගන්නා බවත්, පවතින සීමිත ඩොලර් වැය කර ගෙන්වූ බොරතෙල්වලින් නිෂ්පාදනය කළ දැවිතෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කර ඇති බවත්, ඒ හේතුවෙන් බොරතලේ ආනයනය නතර කිරිමෙන් විදුලි කප්පාදුවක් ඇති නොවන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,



"තෙල් පිරීපහදුව විවෘත කරනු, බොරතෙල් ගෙන චීනු කියා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊයේ උද්ඝෝෂණයක් කරනවා මම දැක්කා. අපි බොරතෙල් ගෙන ඒම නතර කළේ රටේ පවතින විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කළ යුතු නිසා. උද්ඝෝෂණ කළාම ඩොලර් පහළ වෙලා බොරතෙල්  මිලදී ගන්න පුළුවන් නම් මමත් උද්ඝෝෂණයට එකතු වෙනවා.

 මොකද මටත් ඕනෑ බොරතෙල් ආනයනය කරලා හැකි ඉක්මනින් පිරිපහදුවේ වැඩ ආරම්භ කරන්න. උඝෝෂණ කරලා විදේශ විනිමය උපයන්න පුළුවන්නම් මැද පෙරදිග රස්සාවල් කරන්න ගිහින් දුක් විඳලා ඩොලර් හට කරනවාට වඩා ලංකාවේ උද්ඝෝෂණ කරලා ඩොලර් හම්බ කරන්න තිබුණා. නමුත් වෘත්තීය සමිති නොදන්නා ඇත්ත නම් උද්ඝෝෂණ කරලා ඩොලර් උපයන්න හැකියාවක් නෑ,
බලශක්ති ඇමති විදියට මට ඩොලර් උපයන හැකියාවක් නෑ.

තෙල් ආනයනය සඳහා මුදල් මට මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතුයි. එහෙමනම් මටත් පුළුවන් 'ඩොලර් දියව්' කියලා භාණ්ඩාගාරය ඉදික්රඝෝෂණ කරන්න. ඒ වෙනුවට මම කළේ භාණ්ඩාගාරයට ඩොලර් උපයාගන්න විකල්ප ක්‍රමවේද සකසා ගන්න උදවු කිරීම පමණයි.ආයතනය රැක ගැනීම සඳහා දුරදිග බලලා අපි තීන්දුවක් ගත්තාම ආයතනයට ආදරය කරන වෘත්තීය සමිතිවල වගකීම තමයි ඒ තීන්දුවලට සහාය. දීම. ඒ තීන්දු වැරදි නම් කළ යුතු විකල්පය පෙන්වාදීම.

එහෙම නොකර මෙවැනි බොලඳ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කරපු රාජ්‍ය ආයතන ගණනාවක් වැහිලා ගියා කියන තිත්ත ඇත්ත මට වෘත්තීය සමිතිවලට සිහිපත් කරන වෙනවා.බොරතෙල් සඳහා ඩොලර් නැතිනම් පිරිපහදු  බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඩීසල් බැරලයක් ඩොලර් 93ක් වෙන විට පෙට්‍රල් බැරලයක් ඩොලර් 95යි. එහෙම නම් අපට ඩීසල් සහ පෙට්‍රල් හැදෙන 14429 අනුපාතයට ගත්තොත් පෙට්‍රල් - ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි.

නමුත් පෙට්‍රල් - ඩීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිලදී ගන්න ඩොලර් 197ක් අවශ්‍යයි.

මේ නිසා තමයි සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අපි බොරතෙල් ගෙවීම වෙනුවට සෘජුවම පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කරන්න තීරණය කළේ.අර රස්සාවට බොරු කියන විශ්‍රාමිකයා තවත් බොරු ගණනාවක් කිව්වා. පිරිපහදුව වැසීමෙන් තෙල් සංස්ථාවේ ඒකාධිකාරී නැති වෙනවාලු. දැනටත් තෙල් සංස්ථාවට ඒකාධිකාරීර්යක් නෑ. එල්.අයි.ඕ.සී. සමාගමට තෙල් බෙදා හැරීමේ බලපත්‍රයක් ලබාදීලා තෙල් සංස්ථාවේ ඒකාධිකාරී නැති කළේ ඔය බොරු කියන විශ්‍රාමිකයාගේ ආණ්ඩුව කාලයේ තමයි. ඒ වගේම පිරිපහදු පවත්වා ගෙන යෑම සඳහා තෙල් සංස්ථාවට ඒකාධිකාරයක් නෑ.

ඕනෑම  අයෙකුට ලංකාවට ඇවිත් කිසිම බලපත්‍රයක් ලබා නොගෙන තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්න නීතියේ ඉඩ තියෙනවා. මම තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට පැමිණෙන නව ආයෝජකයන් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු බවට තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීමට උත්සාහ කළ විට ඒකට විරුද්ධ වුණත් ඔය වෘත්තීය සමිතිම තමයි.ඒ වගේම අධික වර්ෂව නිසා විදුලිබල මණ්ඩලය අපෙන් දැවිතෙල් මිලදී ගන්නේ නෑ. දැනටත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොරතෙල්වලින් නිෂ්පාදනය කළ දැවිල්තෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කරලා තිබෙනවා. ඒ නිසා බොරතෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වන බව තවත් බොරුවක්. ඒ වගේම පිරිපහදුවේ ධාරිතාව, නිෂ්පාදනය වන නිෂ්පාදිත අනුපාත සියල්ලම වැරදියි"

යනුවෙන් පැවසීය.

(නවෝද්‍යා පවනි)