two-cases-omicron-variant-found-uk

Covid 19 නව ප්‍රභේදය වන Omicron ප්‍රභේද වැළඳුණු දෙන්නෙකු එක්සත් රාජධානියෙන් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ලේකම් Sajid Javid පවසයි. Chelmsford සහ Nottingham හි  මොවුන් වාසය කළ බවත්  කියැවේ. නිවෙස්වල සියලුම සාමාජිකයින් නැවත පරීක්‍ෂා කර ස්වයං හුදකලා වන ලෙස දන්වා ඇති අතර සම්බන්ධතා සොයා ගැනීම සිදු වෙමින් පවතින බව සඳහන් වේ.


එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය සිද්ධීන් සහ සම්බන්ධතා පසු විපරම් කරමින් සිටින අතර අවශ්‍ය පරිදි හුදකලා කිරීමට සහ පරීක්ෂා කිරීමට යොමුව ඇත.

දකුණු අප්‍රිකාවෙන් ප්‍රභේදයේ පළමු අවස්ථා සොයා ගැනීම නිසා රටවල් 06 ක් එරට රතු ලැයිස්තුවට එක් කර පැය ගණනාවකට පසු මෙලෙස රෝගීන් වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ මූලික සාක්ෂි අනුව Omicron ආසාදනය වීමේ අවදානම වැඩි වන බවත් අනෙකුත් වික්‍රියා වලට වඩා වේගයෙන් පැතිර යා හැකි බවත්ය.

එක්සත් රාජධානියේ නව Omicron Covid-19 ප්‍රභේදයේ සිද්ධීන් තහවුරු කිරීමෙන් පසු එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් අද (27) සවස ඩව්නිං වීදියේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.



මාධ්‍ය හමුව එරට වේලාවෙන් සවස 5 ට පැවැත්වීමට නියමිත අතර, ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි සහ ප්‍රධාන විද්‍යා නිලධාරි ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් ද අගමැති බොරිස් ජොන්සන් සමඟ පැමිණෙනු ඇත.