අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු සංගම් නියෝජිතයන් අතර ඊයේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාව නිම වී පිටව යන අතරතුර මාර්ගයේදී ගුරු සංගම් දෙකක නියෝජිතයන් කීප දෙනකු අතර බහින් බස්වීමක් සිදුවිය. ගුරු සටන පාවාදුන් බවටත් ගුරුවරුන් පිරිසක් බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට ගොස් ආණ්ඩුව සමග සැලසුම් සකස් කළ බවටත් එකිනෙකාට චෝදනා කර ගනිමින් හා බැණවදිමින් ඔවුහු බහින් බස් වූහ.
දෙපිරිස අතර බහින් බස් වීම ගැටුමක් තත්වයට පත්වීමට ආසන්නව කතාබහ උණුසුම් වෙද්දී තවත් ගුරු පිරිසක් එය සමථයකට පත් කිරීමට කටයුතු කළහ.
පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී එම බහින් බස්වීම සිදුවිය. ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයකු සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි සංවිධානයේ නියෝජිතයකු අතර එම බහින් බස්වීම සිදුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval